'ශ්‍රී ලංකාව සමලිංගික අයිතීන් පිළිගැනීම වැදගත්'

Published in පුවත්
Friday, 24 October 2014 08:58

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම්ද තහවුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම ඓතිහාසික පියවරක් බව සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින 'සම බිම 'සංවිධානය පවසයි.



නම හෙළි නොකළ එම සංවිධානයේ ප්‍රකාශකයෙක් ජිනීවාහි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබඳව 'බිබිසි සංදේශය' සමග සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුවට සහභාගී වූ නිලධාරීන් දැක්වූ ප්‍රතිචාරය සුවිශේෂී එකක් බවයි.

ඔහු තව දුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක දොළහ අනූ අංක එක යටතේ සියලුම ලිංගික අනන්‍යතාවයන් දරන පුද්ගලයන් සමාන කොට සලකන බවට පැහැදිලිවම සඳහන් වන අතර එම වගන්තියේ අනූ අංක දෙක යටතේ සිය ලිංගික අනන්‍යතාවය මත යම් අයෙකු වෙනස් කොට සලකන්නේ නම් හෝ පීඩාවට ලක් කරන්නේ නම් එය ව්‍යවස්ථාවට පටහැණි බව සටහන් වන බවයි.

සමුළුවේදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිචාරය ශ්‍රී ලංකාව තුල සම ලිංගික අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් සිදු වූ වැදගත් සිදුවීමක් බව ඔහු කියා සිටියේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us