තුන්වරක් බැහැයි කියමින් රතන හිමි වේදිකාවට

Published in පුවත්
Friday, 31 October 2014 10:40

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය සංවිධානය කළ ''මහින්දට තුන්වරක් බැහැ - නීති විරෝධී ජනාධිපතිවරණය එපා'' යන තේමාව යටතේ ඊයේ (30) නුගේගොඩ පැවති ඓතිහාසික රැලියට ධාරානිපාත වර්ෂාව නොතකා අති විශාල ජනතාවක් පැමිණ සිටියහ. 

මෙම රැලිය ඓතිහාසික එකක් වූයේ මහින්දට තුන්වරක් බැහැ කීමට ආණ්ඩුවේ සහායක පක්ෂයක් වන හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන්ද ප්‍රධාන කථිකයෙක් ලෙස වේදිකාවට එක්වීමය. 




ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් මෙහි මුලසුන දැරූ මෙම රැස්වීමට හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, රාවය කතෘ කේ. ඩබ්. ජනරංජන, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් අධිනීතිඥ චන්ද්‍රපාල කුමාරගේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ ක්‍රිස්මාල් වර්ණකුලසූරිය, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ සුනිල් වටගල, ප්‍රවීණ පරිවර්තක ගාමිණි වියන්ගොඩ, ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපති මන්දනා ස්මයිල්, ඇතුළු විද්වතුන් පිරිසක් වේදිකාවේ අසුන්ගෙන සිටියහ.

රැලිය පැවැත්වෙමින් තිබෙන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාද එක් විය.


 මෙහිදි අදහස් දැක්වූ කථිකයින් සියලුදෙනාම නීතිවිරෝධී ජනාධිපතිවරණයක් පැවැත්වීමට විරුද්ධව අදහස් පළකළහ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us