කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් බොදු බල සේනාවේ සභාපති කිරම විමලජෝති හිමියන් හා බෞද්ධ පුනර්ජීවන කමිටුවේ සාමාජික මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කලේ දිනේශ් ගුණවර්ධන, විමල් වීරවංශ, චම්පික රණවක යන ඇමතිවරුන් එක්ව විජාතික කුමන්ත‍්‍රණයට එරෙහිව ජාතික බලවේග පෙලගැස්විය යුතු බවයි.
සිංහල බෞද්ධ බලවේග එක්ව මේ රජය සමඟ සාකච්චා කර ඉදිරි ජනාධිපතිවරණය නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ප්‍රතිපත්ති රාමුවකට මහජන කැමැත්ත ලබා ගන්නා එකක් බවට පත් කර ගත යුතුව ඇතැයිද උන් වහන්සේලා කීහ.
ජාතික බලවේගය තුල බෙදීම් ඇති නොකරන ලෙස ඇමති චම්පික රණවක මහතාට බොදු බල සේනාව හා බෞද්ධ පුනර්ජීවන කමිටුව අවවාද කරයි.
Leave a comment