සිංගප්පූරුවට , බැරිනම් මල් ශාලාවට- මර්වින් සිල්වා

Published in පුවත්
Saturday, 01 November 2014 18:53

කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී විදේශිකයෙකු ගේ පහර දීමෙන් රෝහල්ගත කළ මාලක සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යාමට නියමිතය.

 සිය පුතු මාලක සිල්වාට පහරදීම පිළිබඳ අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය මර්වින් සිල්වා මහතා
 
“සෙනසුරු මාරුවට දවසකට ඉස්සෙල්ලා අපිට කරදරක් වෙයි කියලා හිතන් හිටියේ. දැන් මං පුතා එක්ක යනවා සිංගප්පූරුවට. මට සතුටු නෑ. ඊර්ෂියාකාරයින්ට සැනසීමක්. මට ආදරය කරන උදවියට මේක දුකක්. එහෙම වෙන්න එපැයැ. නැත්නම් ජීවිතේ එකවිදියටම යන් නෑනේ. මේක අභියෝගයක්. අභියෝගයට මුහුණ දෙනවා. පුතාට හුඟක් තුවාලයි. දැන් කල්පනා කළා සිංගප්පූරුවට එක්ක යන්න.“ 
 
“ කෑවා බීවම මිනිස්සු ගහ ගන්නවා. එච්චරයි ඒක ලොකු දෙයක් නොවෙයි. ජීවිත කාලෙම මේවට මුහුණ දෙන්න ඕන. මගේ පුතා ආබාධිතයෙක් නෙමෙයිනේ. ඇමතිවරයාගේ පුතාට වුණාම තමා ලෙඩේ. වෙන කාගේහරි පුතාට වුණානම් දන්නෙත් නෑනේ. මගේ පැත්තෙන් තියෙන්නේ පුතා හොඳ කරගන්න සිංගප්පූරුවට යන්න. එහෙම නැත්නම් වැඩේ බැරිනම් මල් ශාලාවට යන එකයි. මං ඒ දෙකට ලෑස්තියි.“ යැයි අමාත්‍යවරයා පැවසීය.
 
මේ අතර මාලක සිල්වාට සිදු වූ පහරදීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින්නේ විදේශිකයෙකු බව පොලිසිය පවසයි. එම විදේශිකයා ස්කොට්ලන්තයෙන් පැමිණි අයෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.
 
ඉදිරි විමර්ශන සඳහා අදාළ පහරදීම සිදුවූ රාත‍්‍රී සමාජ ශාලාවේ සී.සී.ටීවී දර්ශන ද අධ්‍යයනය කරන බව ඔහු කියා සිටියේය. 

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us