හොර ක්‍රෙඩිට්කාඩ් වලින් මුදල් අදිද්දී 'සුද්දෝ' මාට්ටු

Published in පුවත්
Tuesday, 15 July 2014 08:52

සංචාරක වීසා මගින් ලංකාවට පැමිණ ව්‍යාජ ලෙස සකස් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මෙරට බැංකු පද්ධතියේ මුදල් සොරා ගනිමින් සිටි තුර්කි ජාතිකයන් දෙදෙනෙකු සහ යුක්රේන් ජාතික කාන්තාවක එසේ සොරාගත් රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න මුදල් සහ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 32ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සා විශාල මුදලක් මේ අය මෙරට බැංකු පද්ධතියෙන් සොරාගෙන ඇත්තේ ඉකුත් 07 වෙනිදා සිට 12 වෙනිදා දක්වා ගතවූ දින 05ක් වැනි කෙටි කාලයක් තුළදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළේය. ව්‍යාජ කේ‍රඩිට් කාඩ් වංචාවක් සම්බන්ධයෙන් මෙතරම් මුදලක් සොයාගත් පළමු අවස්ථාව වන්නේ ද මෙයය.

තුර්කි ජාතිකයන් දෙදෙනාට වයස අවුරුදු පනහකට වැඩි බවත් කාන්තාව අවුරුදු තිහක් පමණ වයසැති තැනැත්තියක බවත් සඳහන්ය.

ඒ එක් තුර්කි ජාතිකයෙකුට එරට හෝටලයක් හිමිව ඇති බවත් කාන්තාව එම හෝටලයේ සේවයට පැමිණි තැනැත්තියක බවත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

අන්තර්ජාල වෙබ් අඩවියකින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පතකින් කොළඹ පිහිටි තරුපන්තියේ හෝටල් කාමර දෙකක් එක් කාමරයක් දිනකට රුපියල් විසිතුන් දහස බැගින් සහ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයකින් නිවසක් දිනක කුලිය රුපියල් හතළිස් අටදහස බැගින් කුලියට ගෙන හෝටල් කාමරයේත් නිවසේත් මාරුවෙන් මාරුවට රැඳෙමින් මෙම ජාවාරමේ නිරතව සිට ඇති බව අනාවරණය වී තිබේ.

මේ තිදෙනා මෙරටට පැමිණි ඇත්තේ ඉකුත් 07 වෙනිදාය. තුර්කි ජාතිකයන් දෙදෙනා ඉකුත් වසරේ මැද භාගයේත් මෙම වසරේ ජනවාරි මාසයේත් මෙරටට පැමිණි ඇති බවත් මෙවර පැමිණි ඇත්තේ තුන්වැනි වරට බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

කාන්තාව මෙරටට පැමිණ ඇත්තේ පළමු වරටය. හාම්පුතා තමා ශ්‍රී ලංකාවට රැගෙන ආවේ නිවාඩුවක් ගත කරන්නැයි යුක්රේන් කාන්තාව ‍පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. තුර්කියේ හෝටලයක සේවයට පැමිණ මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ හාම්පුතා සමග ඇය නිවාඩුවකට ලංකාවට පැමිණියද මෙරටදී සිදුකර ඇත්තේ අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මුදල් සොරකම් කිරීම බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කොළඹ සහ ඒ අවට සැරිසරමින් මෙම කණ්ඩායම හමුවන සෑම ඒ.ටී.එම්. යන්ත්‍රයකින්ම පාහේ මුදල් ලබාගෙන ඇති බවත් ඒ අය ගැන ව්‍යාජ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් ලබාගන්නා අවස්ථාවේදීම ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගත් බවත් ‍පොලීසිය සඳහන් කරයි.

හාම්පුතා සහ යුක්රේන් කාන්තාව අඹුසැමියන් ලෙස පෙනී සිට ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. හෝටලයේ කාමර දෙකකින් එක් කාමරයක මේ තිදෙනා සිට ඇති බවද සඳහන්ය. හෝටල් කාමරයත් තට්ටු නිවසකින් නිවසකුත් කුලියට ගෙන ඇත්තේ කිසිවෙකුගේ සැකයකට ලක්නොවී සිටීමට බව අනාවරණය වී තිබේ.

මේ අය සතුව තිබි සොයාගත් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් යුරෝපයේ ධනවතුන්ගේ කාඩ්පත්වලින් සොරාගත් දත්තයන් යොදා සකස් කළ ව්‍යාජ කාඩ්පත් බවද අනාවරණය වී ඇත. මෙරටට පැමිණෙන විට මේ අය එම කාඩ්පත්ද රැගෙන විත් තිබේ.

දත්තයන් යොදා එම කාඩ්පත් තුර්කියේ දී සකස් කර ඇති බව ‍පොලීසිය සැකකරන අතර මෙරට බැංකු පද්ධතියෙන් සොරාගත් මුදල් මේ අය මෙරටින් පිටකරන්නට සූදානම් වූයේ කෙසේදැයි මෙතෙක් කිසිවක් අනාවරණය වී නැත.

තුර්කි ජාතිකයන් දෙදෙනා මෙයට පෙර ලංකාවට පැමිණ ඇති බැවින් ඒ පැමිණි අවස්ථා දෙකෙහිද මෙම ජාවාරමේ නිරතව සිට ඇතැයි ‍පොලීසිය සැක කරයි. එහෙත් ඒ අය පවසා ඇතැයි සඳහන් වන්නේ තමන් ඒ පැමිණි අවස්ථාවන්වලදී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා නොකළ බවය.

මේ අය දින පහක් තිස්සේ සොරාගත් මුදල් තොගයෙන් කොටසක් ඔවුන් නවාතැන්ගෙන සිටි තරු පන්තියේ හෝටල් කාමරයේත් තවත් කොටසක් එම හෝටලයේ ඇති සේප්පුවකත් තිබි හමුවී ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එදින ඔවුන් ඒ.ටී.එම්. යන්ත්‍රවලින් ලබාගත් මුදල් ඔවුන් සන්තකයේ තිබි හමුවී තිබේ.

පෙරේදා 13 අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා කොටුව අධිකරණයට ඊයේ 14 ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us