මැකො ගේ ස්වාධිනත්වය ගැන සැකයක් !

Published in පුවත්
Tuesday, 15 July 2014 08:41

ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ දී අක‍්‍රමිකතා සිදුවන බව එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි. එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍ර‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ හොර ඡන්ද දැමීම වෙනුවට හොර ඡන්ද ලැයිස්තු මගින් මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට ආණ්ඩුව උත්සහ දරන බවයි.

"තාක්ෂණ ක‍්‍රම භාවිතා කර හොර ජන්ද දැමීම අවම කරගෙන තියෙනවා. අද හොර ජන්ද නෙමෙයි තියෙන්නේ හොර ජන්ද ලැයිස්තු. ලියාපදිංචි වන දිනේ දන්නේ නැත්නම් ජන්දදායකයා, ජන්ද කොටසක් නිකම්ම වැටෙනවා. රජයට විරුද්ධව ජන්දය දෙයි කියලා අවාසියක් තියෙන තැනක මේ ක‍්‍රමයෙන් ඔවුන්ව අයින් කරන්න හැකියාවක් තියෙනවා. කෙලින්ම දිනන්න බැරි ඒවා වක‍්‍රව ජන්ද හලලා ආසන ගණන මාරු කරලා කොහොමහරි ජන්දය දිනන්න වෑයමක යෙදෙනවා."

ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ දිනය දැන ගැනීමට මහජනතාවට සාධාරණ අයිතියක් ඇතත් එය වසන් කරන බවද එරාන් වික‍්‍රමරත්න මහතා මෙහිදී පෙන්වාදුන්නේය.

බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් ඌව පළාත් සභාවට තෝරාගන්නා මන්ත‍්‍රී සංඛ්‍යාව අඩු කිරීමට පවතින සුදානම සම්බන්ධයෙන් ද එරාන් වික‍්‍රමරත්න මහතා මෙහිදී අදහස් පළකළා.

"මොණරාගලට වැඩියෙන් ආසන 3ක් දෙන්න කටයුතු කරගෙන යනවා. මේ හේතුවෙන් බදුල්ලේ එක නියෝජිතයෙක් යවන්න ජන්ද 45000ක් අවශ්‍යයි. මොණරාගලෙන් ජන්ද 32000කට එක නියෝජිතයෙක් එවන්නට පුළුවන්. මේක බොහොම අසාධාරණයි. මැතිවරණ කොමසාරිස් නීතිය මේ අකාරයට කි‍්‍රයාත්මක කළාම විශ්වාසයක් ඇතිවෙන්නේ නෑ."

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us