දැරියන් නොමරන්න කප්පම් ඉල්ලූවෝ කොටුවේ

Published in පුවත්
Tuesday, 22 July 2014 19:45

වයස අවුරුදු 05හා 06පසුවන දියණිවරු දෙදෙනා පැහැර ගෙන ගොස් මරා දැමීමට තමන්ට රුපියල් ලක්‍ෂ 03ක කොන්ත‍්‍රාත්තුවක් ලැබී ඇති බවත් එම කොන්ත‍්‍රාත්තුව ඉටු නොකර සිටීමට තමාට ලක්‍ෂ 03මුදලක් දෙන ලෙසට මෙරට ප‍්‍රමුඛ පෙලේ ජංගම දුරකථන සමාගමක ඉංජිනේරුවරයෙකුට තර්ජනය කරමින් කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සහ දැරූ පුද්ගලයෙකු සහ ඔහුට ඒ සඳහා සහය දැක්වූ කාන්තාවක් සමග පොලිස් මූලස්ථාන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

භීෂණ සමයේ නිරන්තරයෙන් නම කියැවුණු පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් මහතාගේ දරුවෙකුද මෙසේ බිය ගන්වා ඔහු රුපියල් ලක්‍ෂයක කප්පමක් ලබාගෙන ඇතැයිද පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ඉවත්වූ සෙබලෙක් ලෙස විශේෂ කාර්ය බලකායේ හිටපු සේනාවිධායකවරයෙකුගේ අත්සනින් යුතු ලිපියක්ද ව්‍යාජ ලෙස සකස් කර ඇති ජාතික හැදුණුම්පත් 03ක්ද මෙම පුද්ගලයා සතුව තිබී සොයා ගෙන තිබේ.

මෙම පුද්ගලයා මාකොළ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් ඔහුගේ වයස අවුරුදු 23ක් බවත් ඔහුගේ සහයිකාව අවුරුදු 21ක තැනැත්තියක් බවත් පොලිසිය සඳහන් කරයි.

ජංගම දුරකථන සමාගම් ඉංජිනේරුවරයාට දුරකථන ඇමතුම දෙමින් ඔහු තර්ජනය කර ඇත්තේ දරුවන් දෙදෙනා මරා දැමීමේ කොන්ත‍්‍රාත්තුව තමන්ට ලබා දුන්නේ පවුලේ ඥතියෙක් බවය.

ඒ සම්බන්ධයෙන් ඉංජිනේරුවරයා පොලිස් මූලස්ථාන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයට කළ පැමිණිල්ලට අනුව එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.ගනේෂනාදන් මහතාගේ මෙහෙයැවීමෙන් ක‍්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් පරීක්‍ෂණ ආරම්භකොට තිබේ.

එහිදී කප්පම ලබාදීමට තමන් කැමති බව ඉංජිජේරුවරයා කප්පම්කරුට පවසා එහි මුල් කොටස බව සදහන් රුපියල් 50000ක මුදලක් කප්පම්කරු ලබාදුන් බැංකු ගිණුමක තැන්පත්කර ඇත. එම බැංකු ගිණුම කාන්තාවකට අයත් බම්බලපිටියේ රාජ්‍ය බැංකු ශාඛාවකි.

එම මුදල ලබා ගැනීමට එම කාන්තාව සමග කප්පම්කරු ඊයේ (21)සවස බැංකුවට පැමිණී අවස්ථාවේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us