ජනපති ලේකම්වරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වසන් කරයි

Published in පුවත්
Wednesday, 23 July 2014 07:35

ජනපති සම්බන්ධීකරණ ලේකම්වරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වෙන වෙනම සඳහන් කරන ලෙස අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් කල ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණ. ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ සාමාන්‍ය පෙළ සිට ආචාර්ය උපාධිය දක්වා වූ පුද්ගලයින් ජනපති සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කරන බවයි.

අනුර කුමාර දිසානායක මහතා ඇසූ මූලික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශය කර සිටියේ, ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙනුවෙන් සම්බන්ධීකරණ ලේකම්වරු විසිතුන්දෙනකු සිටින බවයි.

මෙම සම්බන්ධීකරණ ලේකම්වරයකුට මාසිකව රුපියල් තිස්‌ දහසක වැටුපක්‌, ඉන්ධන ලීටර් (පෙට්‍රල්) 170 ක්‌ සඳහා දීමනාවක්‌ද, රුපියල් තිස්‌ දහසක ප්‍රවාහන දීමනාවක්‌ සහ රුපියල් පන්දහසක දුරකථන දීමනාවක්‌ ලබාදෙන බවද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය. ඒ අනුව සම්බන්ධීකරණ ලේකම්වරු විසිතුන් දෙනාට මාසිකව (පෙට්‌්‍රල් ලීටර් 170 හැර) රුපියල් දාහතර ලක්‌ෂ අනූපන් දහසක මුදලක්‌ ලබාදේ.

මෙම සම්බන්ධීකරණ ලේකම්වරු සඳහා පසුගිය වසර තුන තුළ රුපියල් තුන්කෝටි හැත්තෑ හත් ලක්‌ෂ අනූ අට දහස්‌ තුන්සිය විසි හතක්‌ ගෙවා ඇතැයිද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us