සරසවි සිසුවිය යෝග කරද්දී මියයයි

Published in පුවත්
Saturday, 26 July 2014 09:42

රංග කලා යෝගි අභ්‍යාසයෙහි යෙදී සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක ඊයේ (25 ) හදිසියේ ඇදවැටී මියගොස්‌ තිබේ.


මෙම ශෝචනීය සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූ එම්. ඩබ්ලිව්. ජී. සුරේෂිකා මධුශානි නමැති 23 හැවිරිදි ශිෂ්‍යාවකි.

ඊයේ (25 දා) උදෑසන 8.30 ට පමණ විශ්වවිද්‍යාලයේ කලා අංශයේ රංග කලා පාඨමාලාවේ යෝගි අභ්‍යාසයෙහි යෙදී සිටියදී ඇය හදිසියේ ඇද වැටී ඇත. පසුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකය මගින් ඇයට වහා ප්‍රථමාධාර ලබාදී විශ්වවිද්‍යාලයට ආසන්නම රෝහල වන කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇතත් ඇය මියගොස්‌ සිටි බව මූලික වෛද්‍ය පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අභ්‍යාස උපදේශිකා එච්. බී. විඡේගුණරත්න මහත්මියගේ මෙහෙය වීමෙන් මෙම රංග කලා යෝගි පාඨමාලාව පවත්වා ඇති අතර හදිසියේ මෙම ශිෂ්‍යාව ඇදවැටී මියයැම පිළිබඳව සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් මහත් කම්පනයට පත්ව සිටින බවද විශ්වවිද්‍යාල තොරතුරුවලින් අනාවරණය වේ. 

සුරේෂිකා මධුෂානි ශිෂ්‍යාව මහනුවර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකි.

කැලණිය හදිසි මරණ පරීක්‍ෂක සරත් රොද්‍රිගු මහතාගේ පරීක්‍ෂණවලින් අනතුරුව කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඇයගේ දේහය යොමුකර ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us