ලංගම ඩිපෝ 80%ක සේවක වැටුප ලැබී නෑ

Published in පුවත්
Sunday, 27 July 2014 13:52

ඩිපෝ 104 කින් 80% කම සේවය කරන සේවකයන්ට ගෙවී ගිය මාස දෙකක සම්පූර්ණ වැටුප ලැබී නොමැති බවත්, ගම්පහ ඩිපෝවේ සේවකයන්ට මාස හතරක සම්පූර්ණ වැටුප ලැබී නොමැති බවත්, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය සදහන් කරයි.



35,000 කට ආසන්න ලංගම සේවකයන් ප‍්‍රමාණයකට මාසික වැටුප් ලබාදීම සදහා රුපියල් මිලියන 1351 ක් අවශ්‍ය බවත්, එම මුදල නිසියාකාරව ලබානොදීම නිසා මෙම ගැටලූව ඇති වී තිබෙන බවත් එම සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සදහන් කළේය.

ලංගම සේවකයන්ට මාසිකව ලැබෙන්නේ මහා භාණ්ඩාගාරය විසින් ලබාදෙන රුපියල් 12,800 ක මුදල පමණක් බවත්, වැටුප රුපියල් 25,000 ක් වන සේවකයාට මේ අනුව රුපියල් 12,200 ක හිගයක් ඇති වන බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙම හි`ග මුදල ඩිපෝ මගින් ලබාදිය යුතු බවට නියෝගයක් පනවා තිබෙන බවත්, එහෙත් එම මුදල් නිසියාකාරව ලබාදීමට බහුතරයක් ඩිපෝ කටයුතු නොකරන බවත් ඒ මහතා සදහන් කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us