පාඩු පිට පාඩු ලැබුවත් ලොක්කාට තනතුරක්

Published in පුවත්
Tuesday, 05 August 2014 09:35

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා APOT-Asia සංවිධානයේ සභාපති තනතුරට පත් වී ඇත.

එම සංවිධානයේ සභාපති තනතුරට තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස නිශාන්ත වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක් වේ.

Asia Pacific on Board Travel සංවිධානයේ සමුළුව පසුගිය වසරේ වියට්නාමයේ ඩැනෙන්ජ් හිදී පැවැති අතර ‍ලබන වසරේ (2015) එම සමුළුව නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

APOT-Asia සංවිධානය නව සංචාරක කලාප බොහොමයක් ආකර්ෂණය කර ගනිමින් නව උපාය මාර්ගික ක්‍රමෝපායන් හඳුන්වා දෙන ගෝලීය සංවිධානයක් වේ.

ගුවන් සේවවන්හි අභ්‍යන්තර නිෂ්පාදන සහ සේවා සපයන්නන් සේවා ආහාර පාන සපයන්නන් ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවන්, ගුවන් සේවා කලාප සත්කාරක පාර්ශ්වකරුවන් හා මාධ්‍ය සංවිධාන මෙහි සාමාජික ජාලයට ඇතුළත් වෙති.

ලබන වසරේ දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත මේ සමුළුවට ආරාධිතයන් 250ක් පමණ එක් වීමට නියමිතය.

නිශාන්ත වික්‍රමසිංහ මහතා APOT-Asia සංවිධානයේ සභාපති තනතුර පත්වීම ශ්‍රී ලංකාවට ගෞරවයක් එක් කරන බව ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පවසති.

2012/2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි දෙදහස් දෙසිය පනහකට අධික පාඩුවක් ලබා ඇතැයි එජාපය පවසයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us