පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක ‘කප්රුක පුරවර’ සංවර්ධන වැඩසටහනට සමගාමීව මෙම රක්ෂණ වැඩසටහන අරඹා ඇති අතර, එය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ ද එකමුතුවෙනි.
ඒ අනුව ගිණුම් හිමියා විසින් මාසිකව ගිණුමට බැරකරනු ලබන මුදලට සමගාමීව ඔහුට ප්‍රතිලාභ හිමිවන අතර, ගිණුම් හිමියකු රෝහල්ගත වීමේදී ඔහුට දිනපතා මුදලින් ප්‍රතිලාභ හිමි වේ.
කුඩා ප්‍රමාණයක ගිණුම් තැන්පතුවක් හිමි පුද්ගලයකු රෝහල්ගතවීමක දී ඔහුට දිනකට රුපියල් 500ක මුදලක් ද, වැඩි තැන්පතු මුදල් ප්‍රමාණයක් ඇති ගිණුම් හිමියකු රෝහල්ගතවීමක දී ඔහුට දිනකට රුපියල් 900ක මුදලක් ද ලැබෙන බවත්, ගිණුම කල් පිරෙද්දී විශ්‍රාම වැටුපක් ලෙස එය ආයෝජනය කළ හැකි බවත් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී. එම්. එල්. බණ්ඩාරනායක මහතා පැවසීය.
පොල් ගස ආශ්‍රිත කොටස්වලින් නිෂ්පාදන කරන සුළු පරිමාණ රැකියාවල නිරතවන්නන් සහ පොල් ගස ආශ්‍රිත රැකියාවල නිරතවන්නන් (පොල් ගස් නඟින්නන්) වෙනුවෙන් රක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
Leave a comment