මෙම නඩුවෙන් තමන් නිදොස් කරන්නැයි ඉල්ලමින් විත්තිකරුවන් විසින් අභියාචනා ඉදිරිපත් කොට ඇති අවස්ථාවක විත්තිකරුවන්ට නියම කළ දඬුවම් ප්‍රමාණවත් නැති බව පවසමින් නීතිපතිවරයා මෙලෙස අභියාචනා ඉදිරිපත් කොට ඇත.
නීතිමය හා සිද්ධිමය කරුණු මත මහාධිකරණ විනිසුරුවරිය විසින් විත්තිකරුවන්ට දඬුවම් ලබාදෙමින් දුන් නියෝගය වෙනස්කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ඊයේ (04දා) කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරියට භාරදෙනු ලැබිණි
ලංකාවට පැමිණ තංගල්ලේ හෝටලයක සිටියදී බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා ඝාතනය කර, පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවන් කොට 20 අවුරුදු සිර දඬුවම් නියම කළ තංගල්ල ප්‍රා‘දේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන්ට නියම කළ දඬුවම් ප්‍රමාණවත් නොවන බව දැනුම්දෙමින් නීතිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කොට ඇත.
Leave a comment