ගුවන්සේවා අධිකාරියේ නි.අධ්‍යක්ෂ ජනරාල්ගෙන් මිලියන 1.2ක පොල්ලක්!

Published in පුවත්
Monday, 09 January 2017 10:23

වර්තමානයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කරන ඩී එම් පී දිසානායක මහතා 2010 වසරේ සිට භාණ්ඩාගාර අනුමැතියකින් තොරව නීතිවිරෝධී ලෙස රුපියල් 17,625/-ක විශේෂ මාසික දීමනාවක් ලබාගෙන ඇත.

ඔහු විසින් 2007 වසරේ සිට වසර 03ක කාලයක් අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩබැලීම වෙනුවෙන් මෙම දීමනාව ලබාගෙන ඇති අතර ඉන් පසුවද වසර 06ක් යනතුරු අදාළ දීමනාව නීතිවිරෝධී අයුරින් ලබාගෙන ඇත. ඒ බව පෙන්වා දෙමින් රජයේ විගණකාධිපතිවරයා නියෝග කොට ඇත්තේ එසේ නීතිවිරෝධී අන්දමින් ගෙවන ලද සම්පූර්ණ මුදල රජයේ මුදල් බැවින් එම මුදල ඩී එම් පී දිසානායක මහතාගෙන් කඩිනමින් අයකර ගත යුතු බවයි. (විගණකාධිපතිවරයාගේ ලිපිය පහත දැක්වේ)

වසර 06ක් පමණ යනතුරු අදාළ නිලධාරියා විසින් ලබාගෙන ඇති සම්පූර්ණ මුදල ආසන්න වශයෙන් මිලියන 1.2ක් පමණය.

මේ පිළිබඳ විගණකාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා පවා දැනුවත් කර තිබුණද මොහු ගුවන් සේවා අධිකාරියේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සමීපතම හිතවතකු වීම හේතුවෙන් එකී හිඟමුදල් ගෙවීම පැහැර හරිමින් සිටින බවද පැවසේ.

audit civil 1

Last modified on Monday, 09 January 2017 10:25

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us