ජයන්ත හා ජනාධිපති බිඳවීමේ කුමන්ත්‍රණයක් !

Published in ක්‍රීඩා
Thursday, 11 September 2014 10:01

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පවතින සමීප සබඳතාවය බිඳ දැමීම සදහා එහි ලේකම් නිශාන්ත රණතුංග මහතා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇතැයි 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය වාර්තා කරයි. 

මේ සඳහා ඔහු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයෙකු වන නාමල් රාජපක්ෂ මහතාගේ රග්බි උපදේශක අසංග සෙනෙවිරත්න මහතා යොදා ගෙන තිබේ. 

අසංග සෙනෙවිරත්න මහතාගේ ‘ඉරුදින' පුවත්පතේ 'ක්‍රිකට් නවලෝකයට' යන ශීර්ෂයෙන් යුතුව මෙවර පලකර ඇති වාර්තාව නිශාන්ත රණතුංග මහතාගේ මග පෙන්වීම යටතේ පලකරන ලද පුවතක් බව ඉහටැහැ වෙබ් අඩවිය සඳහන් කරයි.

එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. 

ජයන්ත ධර්මදාස මහතා අසංග සෙනෙවිරත්න මහතාට අයත් 'Nation Finance' සමාගමේ ප්‍රධාන කොටස්කරුවෙකු වුවද ජයන්තට එරෙහිව අසංගගේ 'ඉරුදින' යොදා ගැනීමට තරම් නිශාන්ත රණතුංග මහතා සූක්ෂම පුද්ගලයෙකි. නිශාන්ත රණතුංග මහතා ජයන්ත ධර්මදාස මහතාට එරෙහිව මෙවැනි ප්‍රහාරයටක ගොස් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට පසුගිය දා සිදුකරනු ලැබූ ආන්දෝලනාත්මක සංශෝධනයක් නිසාවෙනි. එම සංශෝධනයට අනුව නිශාන්ත රණතුංග වෙත මෙතෙක් පැවරී තිබූ සියලු විධායක බලතල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා වෙත පවරනු ලැබීය.

එම අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාව ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේදී ඒකමතිකව සම්මත විය. 

ක්‍රිකට් සභාව දෙකටකැඩිලා තියන්නේ මෙහෙමයි :

මෙම තත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජයන්තගේ කණ්ඩායම හා නිශාන්තගේ කණ්ඩායම වශයෙන් දෙකට බෙදී ඇත. විධායක කමිටු සාමාජිකයන් 23 දෙනා අතරින් මොහාන් ද සිල්වා, ඕමාර් සුලෙයිමාන්, හිරන්ත පෙරේරා හා උපාලි ධර්මදාස නිශාන්තගේ කණ්ඩායමට අයත්වේ. නිශාන්ත ද ඇතුළුව එම කණ්ඩායමේ සාමාජිකයන් ගණන 5 දෙනෙකි.

ජයන්ත ධර්මදාසගේ කණ්ඩායමට නුස්කි මොහොමඩ්, අජිත් පැස්කුවල්, ජයනන්ද වර්ණවීර, ප්‍රියන්ත අල්ගම, සුමිත් පෙරේරා, ශ්‍රීනාත් සිල්වා, ඩන්ස්ටන් ගොලුහේවා, ඩිල්ෂාන් සිල්වා, නිහාල් ප්‍රනාන්දු හා රොෂාන් ඉද්දමල්ගොඩ අයත් වේ. මීට අමතරව ශම්මි සිල්වා, අසංග සෙනෙවිරත්න, ඈෂ්ලි රත්නායක, නලීන් අපොන්සු, සංජය සේදර සෙනරත්, තිලිණ බණ්ඩාර තෙන්නකෝන් හා සනත් ජයසූරිය ස්වාධීන කටයුතු කළ ද ඔවුන්ද බොහෝ අවස්ථාවල ජයන්ත ධර්මදාසට සහාය පලකරනු ලැබේ. මේ අනුව 23 කින් සමන්විත විධායක සභාවෙන් නිශාන්තගේ කණ්ඩායම 5 දෙනෙකුගෙන් පමණක් සමන්විත වේ.

එසේ වුවද නිශාන්ත රණතුංග මහතාට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාසගේ සොයුරු උපාලි ධර්මදාස හා තිලංග සුමතිපාල වාදී මොහාන් සිල්වාගේද සහාය ලැබී තිබේ. ජයන්තට එරෙහිව ජනාධිපතිවරයාට කේලාම් කීමට නිශාන්ත මොවුන්ව යොදා ගනිමින් සිටී.

 

නිශාන්තගේ අල්ලේ නැටවෙන ක්‍රීඩා ඇමති :


කෙසේ වුවද මීළඟ නිලවරණයේදී ජයන්ත ධර්මදාස මහතාට සභාපතිවීමට ඉඩ නොතබන බව ක්‍රීඩා ඇමතිවරයා මේ වන විටත් අවධාරණය කර ඇත. මේ අනුව ඉදිරි නිලවරණයකදී ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයන්ට මොහාන් ද සිල්වා සහ උපාලි ධර්මදාස මහත්වරුත් ලේකම් ලෙස හිරතන්ත පෙරේරා මහතාත් භාණ්ඩාගාරික ලෙස ඊස්ට්මන් නාරංගොඩ මහතාත් ගෙන ඒමට ක්‍රීඩා ඇමතිවරයා සැලසුම් කර ඇත. ඊස්ට්මන් නාරංගොඩ මහතා පහුගිය නිලවරණයේදී තිලංග සුමතිපාල කණ්ඩායම නියෝජනය කරමින් භාණ්ඩාගාරික ධූරය සදහා තරඟ කළ අතර ඔහු මේ වන විට නිශාන්ත රණතුංගගේ කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරයි.

මෙකී තත්වය යටතේ ජයන්ත නිශාන්ත ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අවදානම් අඩියකට පත්වී ඇති අතර එම තත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එහි ක්‍රීඩකයින් බලවත් අපහසුතාවයකට ලක්වී තිබේ.

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us