ලංකාවට ලකුණු 169ක දරුණු පරාජයක්

Published in ක්‍රීඩා
Monday, 03 November 2014 09:32

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක ඉන්දියාව ලකුණු 169ක් ජයක් වාර්තා කළේය.

කටක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 363කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39යි පන්දු 2ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 194ක් පමණි.

අද තරගය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විනාඩියක නිහඩතාවක නිරත වූහ.

ඒ, නාය යාම් හා අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයින් සිහි කරමින් ය.

දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ ඊයේ  එක්දින වරම් හිමි කර ගැනීම ද විශේෂත්වයකි.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීඑරණය කළේය.

ඒ අනුව ඉන්දීය ක්‍රීඩකයින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියහ.

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 231 ක සබඳතාවක් ගොඩනැඟීමට අජින්කෙයා රහනේ හා ශිඛර් ධවාන් සමත් විය.

ශිඛර් ධවාන් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවීගියේ ලකුණු 113 කටයි.

අජින්ක්යා රහනේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 111කි.

සිය 200 වැනි එක්දින තරගයට සහභාගීවු සුරේෂ් රයිනා ලකුණු 52යි.

එය ඔහුගේ 32 වැනි අර්ධ ශතකය ද වේ.

පන්දු යැවීමේදී සුරාජ් රන්දීව් පන්දුවාර 10දී ලකුණු 78 කඩුලු 3 ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මහේල ජයවර්ධන ලකුණු 43ක් රැස් කළේය.

තිසර පෙරේරා ලකුණු 29යි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 194කට දැවී ගියේ පන්දුවාර 39යි පන්දු දෙකකදී ය.

Last modified on Monday, 03 November 2014 11:24

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us