සචිත්‍ර නිවැරදි කරන්න 'විශේෂ පුහුණුවක්'

Published in ක්‍රීඩා
Tuesday, 15 July 2014 11:17

අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයේ තරඟ තහනමකට ලක් වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ලබා දී ඇති වාර්තාව අධ්‍යයනය කොට ඔහුගේ ඉරියව්ව නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පුහුණුකරුවන්ට උපදෙස් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා 'බිබිසි සංදේශයට' පවසා ඇත.

පසුගිය මැයි මාසයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් පිටියේ පැවති තරඟයේ පන්දු යැවීම පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියවුව නීති විරෝධී යයි තීන්දු කෙරුණු බව, ජගත් පාලක මණ්ඩලය පවසයි.
නිවැරදි පියවර

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ගත් එම තීරණයට අනුකූලව කටයුතු කරන නමුත් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් ගත හැකි නිවැරදි පියවර ගෙන හැකි ඉක්මනින් සචිත්‍ර සේනානායක නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට යොමු කරන බවද නිශාන්ත රණතුංග මහතා කියා සිටියි.

බ්‍රිතාන්‍යයේ පැවති තරගාවලියේ දී ඉතා ඉහළින් දස්කම් දැක් වූ සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියවුව සැක සහිත බව ඉයන් ගෞල්ඩ් සහ මරායිස් එරස්මස් විනිශ්චයකරුවන් වාර්තා කොට තිබුණි.

පසුගිය වසර දෙකක කාලය තුල සැකයක අංශු මාත්‍රයකදු නොමැතිව අන්තර්ජාතික ක්‍රිකට් තරඟ රැසක ක්‍රීඩා කර ඇති බව පවසමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සචිත්‍ර වෙනුවෙන් පෙනී සිටියේය.

එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණයට අභියෝග නොකරන බව, ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසිය.

එක් දින ජාත්‍යන්තර තරඟ තිස් නවයකට සහභාගි වී ඇති සචිත්‍ර සේනානායක කඩුලු හතළිහක් රැස් කොට තිබේ.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us