ස්තුතියි මහේල - ඇන්ජලෝ

Published in ක්‍රීඩා
Tuesday, 15 July 2014 20:23

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කිරීම කණ්ඩායමට ප්‍රබල පාඩුවක් බව නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි.

මහේලගේ හිස් තැන පිරවීම දුෂ්කර නමුත් කණ්ඩායමේ ප්‍රගතිය වෙනුවෙන් වගකීම් භාර ගැනීමට නව පරපුරේ ක්‍රීඩකයන් සූදානම් බවත් ඔහු පැවසීය.

"ඔහු වගේ ක්‍රීඩකයෙක් කණ්ඩායමට අත්‍යවශ්‍යයි. නමුත් ඔහු තීරණය කරලා තියෙනව සමුගන්න කියල. ඉතින් අපි ඔහු කළ සේවයට ස්තුතිවන්ත වෙනවා," යනුවෙන්ද ඔහු පැවසීය.

නායක මැතිව්ස් ඒ බව කියා සිටියේ, දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟාවලිය පිළිබඳව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන් කණ්ඩායමේ විශාල වෙනස්කම් කෙරෙනු නැති බවත් කණ්ඩායමේ නායකයා සඳහන් කළේය.

"කණ්ඩායම තෝරා ගන්න ඉතාමත් අපහසු තත්වයක ඉන්නේ මොකද විශේෂයෙන් පන්දු යවන්නන් සියලු දෙනාම හොඳින් පන්දු යවනවා," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

උපුල් තරංග සහ කෞශල් සිල්වා ටෙස්ට් තරඟ දෙකේ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරනු ඇති බවත් ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේය.

(බිබිසි)

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us