මානෙල්ලා වුෂූවලින් දියුණු වූ හැටි.

Published in ක්‍රීඩා
Monday, 09 March 2015 14:04

වසර 4 කට වඩා ක්‍රීඩා සංගම් වල ඉහළ තනතුරු බදාගෙන ගෙවල පෙරේතයන් මෙන් සිටි නිලධාරීන්ට යළි එම සංගම් වලට රිංගා ගැනීමට තිබෙන ඉඩ කඩ අහුරාලමින් නීතිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබෙන නව නීතිය මේ අවස්ථාවේ ක්‍රියාත්මක විය යුතුම නිතියක් බව අපගේ හැඟීමයි. මේ සඳහා අවශ්‍ය සහයෝගය නව ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාගෙන් නොමදව ලැබෙනු ඇති බවද අප විශ්වාස කරමු.

ඒ කෙසේ නමුත් මේ කියන්නට වෙරදරන්නේ ශ්‍රි ලංකාවේ වුෂූ ක්‍රීඩාව වසර දහයකටත් අධික කාලයක් මුලුල්ලේ තමන්ගේ පෞද්ගලික බූදලයක් නැතිනම් බඩ ගෝස්තරය සොයා ගැනීමේ ජාවාරමක් බවට පත් කර ගෙන සිටින වත්මන් වුෂූ සම්මේලනයේ නිළධාරීන්ගේ කෙරුවාව ගැනය.

ශ්‍රී ලංකා වුෂූ සම්මේලනයේ වත්මන් සභාපති මානෙල් ධර්මකිර්ති මහතා තමන් තරම් මෙරට වුෂූ ක්‍රීඩක ක්‍රීඩිකවන්ට සලකුපු අයෙක් නොමැති බවට මේ වන විටත් වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාවත් රවටා ගැනීමට තරම් දක්ෂයකු විය හැකි වූවද අපටද ඔහුගේ කෙරුවාවල්වල ඇත්ත හෙළිකිරීමට යළිත් වරක් අවස්ථාව ලැබී තිබේ.

මෙවර වුෂූ නිලවරණය සඳහාද මානෙල් සහ ඔහුගේ අනෙක් තක්කඩි ගෝල බාලයෝ රොත්තම නාමයෝජනා ලබා දී තිබේ. එයින් කම් නැත. වුෂූ නිලවරණයෙන් මැන බැලෙන්නේ ඇමැතිවරයාගේ දක්ෂභාවයය. සාධාරණ බවය. යුක්ති සහගත බවය.

වසර දහයකට පෙර සිටම වුෂූ සම්මේලනයේ බලය නොයෙක් සටකපට ක්‍රමවේදයන් ඔස්සේ ලබා ගෙන තිබෙන මානෙල් ධර්මකිර්ති වුෂූ වලින් තමන්ගේ බඩගෝස්තරය හොයා ගත්තා මිසක වුෂූවලට කළ දෙයක් නොමැති බව ක්ෂේත්‍රයේ කිසිවකුටත් රහසක් නොවේ.

මේ සමඟ වන ඡායාරූපද ඊට සාක්ෂියකි.

මේ අපේ වුෂූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තැන තැන වැටී නිදාගෙන සිටින්නේ චීනයේ, ග්වංෂු ගුවන්තො‍ටු පොළ පරිශ්‍රයේය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 22 දා ඔවුන් චීනය බලා ගියේ 6 වන ලෝක ශුරතා සාම්ප්‍රදායික වුෂූ තරගාවලියට සහභාගී වීමටය . ඔවුන් ගනනින් 15 දෙනෙකි. ක්‍රීඩීකාවන්ද දෙදෙනෙකි.ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 15 ට අඩු පාසල් ක්‍රීඩක ක්‍රීඩීකාවය.

මෙම දරුවන් පිරිස මෙම තරගාවලියට සහභගී කරවීම වෙනුවෙන් එක් අයකුගෙන් වුෂූ සම්මේලනය රුපියල් 250,000 ගනනේ අය කර තිබුණි. මෙම නීති විරෝධී මුදල් අය කිරීමක් වන අතර මේ මුදල් බාර ගත් බවට විධිමත් බිල් පතක් හෝ නිකුත් කර නොතිබිණි. ඔවුන්ගෙන් මෙලෙස මුදල් අයකර ගෙන තිබුණේ ගුවත් තො‍ටුපොළෙන් පිටතට පැමිණ ලබා ගන්නා හෝටල් නවාතැන් පහසුකම් සඳහා විශාල ලෙස ගාස්තු අය කෙරෙන බවත් ඒ වුෂූ සම්මේලනයට දැරීමට අපහසු බවත් කියමිනි. 

වුෂූ සම්මේලනය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දී තිබු සුපිරි හෝටල් කාමරය, මෙම ගුවන් තො‍ටු පොළේ බංකු කිහිපයය. එමෙන්ම මෙහිදී ආහාරද ඔවුන්ට ලැබී තිබුණේ නැත.

එහෙත්මේ දරුවන්ගෙන් මුදල්ද කොල්ලකා ඔවුන්ව බල්ලො බලල්ලු ගානට දමා වැඩ කළ වුෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති හා පිරිස ඔවුන් ලබා ගත් ජයග්‍රහණය ගැන රටට කීවේ වුෂූ සම්මේලනයේ ජයග්‍රහණයක් බවය. එම ජයග්‍රහණයන් විකුණා තමන්ගේ පැවැත්ම සකසා ගත්හ.

එහෙත් මේ දරුවන්ට ඊට පසුව සිදු වූයේ කුමක්ද යන්න වුෂූ සම්මේලනයේ කිසිදු නිලධාරියකු හෝ සොයා බැලුවේ නැත. ඉන් සමහරහු මේවන විට ක්‍රීඩාවද අත හැර දමාය. වුෂූ සම්මේලනය මේ දරුවන්ගෙන් මුදල් කොල්ල කෑවේ, ඔවුන්ව පෙන්වා බඩ ගෝස්තරය හොයා ගත්තේ, මේ දරුවන් මේ රටට අත්කර දුන් කිර්තිය ද බලු නොවටිනා ගානට ඇද දමමිනි.


මෙම කණ්ඩායම සිටි ජේෂ්ඨ ක්‍රීඩකයා ශ්‍යමන් දි සිල්වාය (ලියනාරචිය). ජාත්‍යන්තර තරගාවලි ‍රැසකින් පදක්කම් දිනා ඇති අති දක්ෂ ක්‍රීඩකයෙකි. මෙම ලෝක ශූරතා තරගාවලියේද ඔහු රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. 2012 වසරේදී එම රන් පදක්කම දිනා ගත්තේ ඔහු විසින්ය.

මෙම ක්‍රීඩකයාට හෝ අනුග්‍රහයක් දැක්වීමට තරම් වුෂූ සම්මේලනගේ තක්කඩියන් ඉදිරි පත් වූයේ නැත. වුෂූ මානෙල් ඉල්ලා සිටි රුපියල් 250,0000 ගෙවා ගැනිමට නොහැකිව සිටි ඔහු යන්තම් එකතු කර ගත් 225,000 ක් ගෙවා තාරගාවලියට ගොස් පැමිණි පසුව ඉතිරි මුදල් ගෙවීමට පොරොන්දු වූවද එම ඉතිරි 25,000 දැරීමට මානෙල්ලා ප්‍රතික්ෂේප කළේය.ඒ නොගෙවා තරගාවලියට සහභගී වීමට ඉඩ නොදෙන බවට තර්ජනය කළේය. ( මානෙල් තමන්ගේ තරම ගැන තැන තැන කියවන්නේ තමන්ට මාසිකව රුපියල් මිලියනයකට වඩා ආදායම් ඇති බවය.) පසුව ශ්‍යමන් ණය වී එම 25,000ත්, මෙම තරගාවලිය වෙනුවෙන් වුෂූ සම්මේලනය ලබා දුන් එකම පහසුකම වූ ටී ශර්ටයටද රුපියල් 800ත් ගෙවා එම තරගාවලියට යාම සඳහා අවස්ථාව ලබා ගත්තේය.

මේ ගනුදෙනු සියල්ල සිදු කරනු ලැබුවේ මානෙල්ගේ ගජයා වන වුෂූ සම්මෙලනයේ තරග කමි‍ටු ලේකම්වරයා වූ රුචිර බෝධිනාගොඩ විසින්ය. මේ කිසිදු මුදලක් අය කිරීම වෙනුවෙන් ශ්‍යමන්ට බිල් පතක් නිකුත් කර නොමැත. ඇතැම් ක්‍රීඩකයකුට අංක සටහන් නොමැති හොර බිල් පත් නිකුත් කර තිබුණ බවද හෙළිව තිබේ.

කෙසේ නමුත් මෙලෙස චීනය බලා ගිය දරුවන්ට එදින(22) රාත්‍රී හෝ උදේ ආහාරයවත් ලබා දීමට වුෂූ සම්මේලනයේ නිලධාරීන් කටයුතු නොකළේය. එම ගුවන් තො‍ටුපොලෙන් ඊළඟ ගමනාන්තය දක්වා වූ ගුවන් යානයෙන් ආහාර ලබා ගත හැකි බව පවසා ක්‍රීඩාකයන්ව වේල් 2ක් බඩ ගින්නේ තබා ගැනීමට තරම් මේ වුෂූ සම්මේලන නිළධාරීන් නරුම වී තිබේ.

පසුදා දහවල් ආහාරය ලෙස නවාතැන් ගත් කුඩා හෝටලයකදී නූඩ්ස්ල් ක්‍රීඩකයන්ට ආහාර ලෙස ලැබී තිබිණි.

ලොක් ශූරතා තරගාවලියක් සඳහා රටක් නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගී කරවීමකදී එක් පුහුණුකරුවකු හෝ සහභාගී කරවීම විය යුතු නමුත් මේ වුශූ කණ්ඩායමට එවැන්නක් හිටියේ නැත.

කළමනාකරුවකු ලෙස නිලධාරියකු සහභාගී වූ නමුත් ඔහු කණ්ඩායම අත හැර දමා වෙනත් සුඛ විහරණයක් සොයා ගොස් තිබුණි. කොටින්ම ඔහුගේ දෝනි ඇන්දාවද මෙම ක්‍රීඩකයන් හා අත හැර දමා යෑමට තරම් ඒ තාත්තා නරුම වී තිබිණි. ක්‍රීඩකයන් තබා ක්‍රීඩිකාවන් ගැනවත් වගකීමක් ගැනීමට කිසිවකුත් නොමැති වීම මත එම නවාතැන් ගත් හොටලයේ අනඟ රැඟුමකටද මේ ලාබාල තරුණියන් දෙදෙනා එක්වී සිටීම නිසා අශෝබන ලෙස හැසිරීම ගැන බරපතල චෝදනාවක්ද 'ශ්‍රීලංකාව' නම් රටටද එල්ල විය.

වැඩිහිටි ක්‍රීඩකයකු නොවන්නට එදින මේ ලාබාල ක්‍රීඩිකාවන් දෙදනාව සල්ලාලයන්ගේ ගොදුරු බවට පත්වන්නට ඉඩ තිබිණි. ලංකාවේ නම ඉදිරියෙන් කළු පැල්ලමක් සටහන් කරගෙන මෙම ක්‍රීඩකයන් තරගාවලියට එක් වූවද ඔවුන්ට පුහුණුවීමට තැනක් හොයා දීමට ඒ සම්බන්ධයෙන් විමසිලිමත්වීමට වත් කිසිවකු සිටියේ නැත. ඒ තත්වයන් හමුවේ පවා ලංකාවට රන් පදක්කම් 3ක් ක් රිදී පදක්කම් 4 ක් ලොකඩ පදක්කම් 5 ක් දිනා ගැනීමට හැකිවිය. රටවල් 64 ක් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 කට වැඩි පිරිසක් මෙම තරගාවලිය නියෝජනය කළේය.

මෙලෙස රටට කීර්තියත් අත්පත් කර දුන් එම ක්‍රීඩක ක්‍රීඩීකාවන් ආපසු සිය රට බලා ඒමේදී (31දා) හෝ වුෂූ සම්මේලනය ඔවුන් ගැන සොයා බැලුවේ නැත. නැවත වතාවක් ගුවන් තො‍ටුපොලේ නිදාගැනීමට වුෂූ නිලධාරීන් කටයුතු කරද්දී ක්‍රීඩකයෝ ඊට විරෝධ පා තිබේ. පසුව මෙම කණ්ඩායමේ සිටි හිටපු ජාතික ශූරයකු වූ මනුරංග නම් ක්‍රීඩකයා විසින් ඔහුගේ චීන භාෂා හැකියාව පාවිච්චිකර කුඩා චීන නවාතැන් පොළක් සොයා ගෙන ක්‍රීඩක ක්‍රීඩීකාවන්ට නවාතැන් පහසුකම් සලසා දී තිබිණි.

මෙහිදී කලමනාකරුවා ලෙස ගිය පුද්ගලයා විසින් නාවතැන් ගත් හෝටලයක අලාබහානී සිදු වී අතැයි කියමින් ක්‍රීඩකයන්ගෙන් බලහත් කාරයෙන් යුවාන් 25 ගනනේ(රුපියල් 500ක්පමණ) එකතු කර ගැනීමට තරම් ජඩයකුවී තිබිණි.


එහෙත් මානෙල්ලා කියන්නේ මෙරටේ වුෂූ ක්‍රීඩාව දියුණු කිරීමට තමන් තරම් කිසිවකුත් ඇප කැප වී නැති බවය.


පසුගියදා අප විසින් මානෙල්ලා ගේ තක්කඩිකම් හෙළි කරන විට මානෙල් ක්‍රීඩා ඇමැතිවරයාව සොයා ගොස් පවසා තිබුණේ පෞද්ගලික තරහකට ඔහුව විවේචනය කරන බවය.

මානෙල් ධර්මකිර්තිලා නොදන්න කාරණාව මෙයය. ක්‍රීඩාව වෙනුවෙන් අපි අරගල කළේ මානෙල් ධර්මකිර්ති හෝ වෙනත් හොරෙක් දූෂිතයෙන් අපේ අනෙකා කර ගෙන නොවේ. අද ඉන්නේ මානෙල් විය හැකිය හෙට ඉන්නේ රුචිර හෝ මනුරංග විය හැකිය. ඒ අපට අදාල කරුණක් නොවේ. වැ‍රැද්ද කරන්නේ කවුරු වුවත් ඒකාව හෙළිදරව් කිරීමට ඊට පෞද්ගලික කෝන්තර අපට අදාල වන්නේ නැත. හෝරා හෝරාමය. තක්කඩියා තක්කඩියාමය. ඒ අපි හෙළි කරමු. මානෙල් සමඟ අපට පෞද්ගලික කෝන්තර නැත. මානෙල්ලා යනු කවුරුන්ද යන්න හෙළිදරව් කෙරුණේ අද ඊයේද නොවේ. ඊටද වසර දහයකට එහා ඉතිහාසයක් තිබේ.

මනෙල්ලා හැමදාම කළේ අල්ලස්, විස්කි, ස්ත්‍රී ශරීර, ප්‍රදානයන් මඟින් හෝ ගහනවා මරණවා කියමින් තර්ජන කිරීම් වලින් හෝ ඇත්ත යටපත් කිරීමටය. ඒ සෙල්ලම් හැමදාම හරි යන්නේ නැත. අද නැත්නම් හෙට මේ කොකාගේ වාරය නිමවෙනු ඇත.

wushu-china-airport-1

wushu-china-airport-2

wushu-china-airport-3

wushu-china-airport-4

wushu-china-airport-5

wushu-china-airport-7

wushu-china-airport-8

wushu-china-airport-9

wushu-china-airport-10

ක්‍රීඩකයන් ජයගෙන පැමිණි පසු මානෙල්ලා මාධ්‍ය ඉදිරිපිට රඟපෑවේ මෙසේය

WUSHU-winners

wushu-manel-dailynews

 

සබැදි පුවත්

ක්‍රීඩාව කාපු පට්ට හොරු ඇමැති නවීන්වත් අන්දවයි

ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයෙන් පාසල් දරුවන්ට චණ්ඩිපාට්

ලැජ්ජයි මානෙල් ලැජ්ජයි !

මානෙල්ලාගෙන් වූෂූ බේරා දෙන්න-මහේෂ් විතාරන

 

Last modified on Monday, 09 March 2015 15:28

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us