බැඩ්මින්ටන් සංගමය, ක්‍රීඩා අමාත්‍යංශ නීතියට වැඩ

Published in ක්‍රීඩා
Thursday, 09 April 2015 07:43

තෙවරක් කල්දැමීමට සිදුවු මතභේදාත්මක බැඩ්මින්ටන් නිලවරණය මැයි මස 13වැනිදා පැවැත්වෙයි. වසර 4ක් නිලතල දැරූ හා ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූල නොවන ලෙස එම නිලවරණයට අදාලව නාමයෝජනා භාරදෙන අය පිළිබඳ අවසන් තීරණය ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැවැරීමට බැඩ්මින්ටන් සංගමය තීරණය කරයි.

බැඩ්මින්ටන් සංගමයේ නිලතලවලට නාමයෝජනා භාරදෙන ඕනෑම පුද්ගලයෙකුගේ අයැදුම්පත් පිළිගෙන ඒවා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමු කිරීමට පසුගියදා ‍රැස්වූ විශේෂ සභාවකදී තීරණය වූ බව සභාපති සුරාජ් දන්දෙනිය මහතා පැවැසීය.

“අපි වැඩ කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය කියන විදිහටයි. අමාත්‍යාංශය තීරණය කළ යුතුයි ඡන්දය ඉල්ලන්න සුදුසු කව්ද, නුසුදුසු කව්ද ? කියා. අප සියලුම නාම‍යෝජනා ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කරනවා” දන්දෙනිය මහතා පැවැසීය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නාමයෝජනා භාරගැනීම අප්‍රේල් මස 20වැනිදා දහවල් 12.00ට අවසන් වේ.

මේ නිලවරණයට අදාළ නාමයෝජනා මෙයට පෙර භාරගෙන තිබූ අතර එහිදී සභාපති තනතුරට සුරාජ් දන්දෙනිය හා මහාචාර්ය රංජිත් ද සිල්වා යන මහත්වරු ඉදිරිපත්ව සිටියහ. එමෙන්ම ලේකම්, උප සභාපති ආදී තනතුරුවලට තරගයක් නිර්මාණයවී තිබුණි.

එහෙත් ක්‍රීඩා සංගමයක වසර 4ක් කටයුතු කළ අයට නැවැත තනතුරු දැරීමේ හැකියාව නොමැති බවට ලැබුණු නීතිපති උපදෙස් සමග එතෙක් භාරගෙන තිබූ ක්‍රීඩා සංගම් නිලවරණ නාමයෝජනා සියල්ල අවලංගු බවට අමාත්‍යාංශ නියෝගයක් නිකුත් විය.

වසර හතරේ නීතිය අනුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ දැනට තනතුරු දැරූ නිලධාරීන්ගෙන් අඩකට වැඩි පිරිසකට නාමයෝජනා භාරදීමේ අවස්ථාව අහිමිවී යනු ඇත. එබැවින් බැඩ්මින්ටන් පරිපාලනයට නවක පිරිසක් එක්වීමේ අවස්ථාව මෙවර ඡන්ද විමසීමේදී සිදුවනු ඇත.

මේ අතර බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් අසංක පීරිස් මහතා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයෙන් ලිඛිතව විමසා සිටින්නේ ඉදිරි නිලවරණයේදී මාධ්‍යවේදීන්ට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මවුපියන්ට, පුහුණුකරුවන්ට, විනිසුරුවන්ට හා ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නාමයෝජනා භාරදීමේ අවස්ථාව හිමිවන්නේද? යන්නය. එමෙන්ම ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරන ආයතනයක හිමිකරුවෙකු නාමයෝජනාවක් ඉදිරිපත්කර ඇත්නම් එය පිළිගන්නේද යන්න ඔහු වැඩිදුරටත් විමසා සිටී.

dinamina

Last modified on Thursday, 09 April 2015 08:04

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us