බර ඉසිළු සුදේශ්ට රිදීයෙන් සම්මාන (Photos)

Published in ක්‍රීඩා
Saturday, 26 July 2014 15:01

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ දි බරඉසිලීමේ තරග ඉසව්ව සදහා රිදී පදක්කමක් හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඊයේ (25) සමත් විය.

කිලෝග‍්‍රෑම් 62 පන්තියේ බර ඉසිලීමේ ඉසව්වෙන් එම රිදී පදක්කම දිනා ගත්තේ සදලංකාවේ සුදේශ් පීරිස් විසිනි.

එහිදී ඔහු ඉසිලූ බර ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 273ක් වන අතර එම ඉසව්වේ රන් පදක්කම සයිප‍්‍රසයේ ක‍්‍රීඩකයෙකුට හිමි වූ අතර ලෝකඩ පදක්කම සැමෝවා රාජ්‍යයේ ක‍්‍රීඩකයෙකු විසින් දිනාගත්තේය.

29 හැවිරිදි සුදේශ් පීරිස් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අතර ඔහු 2010 වසරේ නවදිල්ලියේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේදී කිලෝග‍්‍රෑම් 62 පන්තියේ බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

Sudesh-P-1Sudesh-P-2Sudesh-P-3Sudesh-P-4Sudesh-P-5Sudesh-P-7Sudesh-P-8Sudesh-P-6

Last modified on Saturday, 26 July 2014 15:20

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us