බොක්සිං ශිරෝමාලි අවසන් පූර්ව වටයට

Published in ක්‍රීඩා
Wednesday, 30 July 2014 19:46

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළලේ බොක්සිං ඉසව්වෙන් කිලෝග‍්‍රෑම් 69 බර පන්තිය යටතේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාවේ ශිරෝමාලි වීරරත්න ක‍්‍රීඩිකාව සමත්වුණා.

ඇය සහභාගි වු අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ශ‍්‍රී ලංකා වේලාවෙන් අද අළුයමයි. ලෙසෝතෝ රාජ්‍යයේ ක‍්‍රීඩිකාවක් එහිදී ඇය හමුවේ පරාජය වුණා.

මේ අතර මෙම ක‍්‍රීඩා උළලේ ශ‍්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් වන හෙල්ල විසිකිරීමේ ක‍්‍රීඩිකා නදීකා ලක්මාලි අද පිටියට පිවිසීමට නියමිතයි. එම ඉසව්වේ අවසන් තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද රාත‍්‍රීයේ පැවැත්වෙනවා.

පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගෙන සිටින්නේ ඕස්ටේ‍්‍රලියාවයි. රන් පදක්කම් 34ක් රිදී පදක්කම් 31ක් සහ ලෝකඩ පදක්කම් 36ක් ඔවුන්ට හිමිව තිබෙනවා.

එක් රීදි පදක්කමක් පමණක් දිනාගෙන සිටින ශ‍්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ මෙම පදක්කම් සටහනේ 20 වැනි ස්ථානයයි.

(නෙත්)

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us