කටාර්හි පැවති මළල ක්‍රීඩා උළෙලෙන් ලංකාවට පදක්කම් දිනා දුන්නන් අැගයීමට ලක්කෙරේ

Published in ක්‍රීඩා
Thursday, 21 May 2015 15:31

කටාර්හි පැවති පළමුවන ආසියාතික යොවුන් මළල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ.

ඒ අනුව ආසියාතික යොවුන් මළල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී මීටර් 400 කඩුලු පැනීම කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් එම්. යමානි දුලාංජලී ශිෂ්‍යාවට රුපියල් ලක්ෂ තුනක්ද, මීටර් 400 කඩුලු පැනීම පිරිමි ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් එච්.යූ.කේ.දර්ශන ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ දෙකක්ද, තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් චමල් කුමාරසිරි ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ දෙකක්ද, මුදල් ත්‍යාග ලෙස පිරිනැමින.

උසපැනීම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් රොෂාන් ධම්මික ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ දෙකක් මුදලක් ද ලබා දුන්නේය.

ජාතික ක්‍රීඩා අරමුදලෙන් මෙම මුදල් වෙන් කර තිබුණි.

ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අද(21) මෙම ඇගයීම් උළෙල පැවැත්වුණි.

ලංකා පුවත්

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us