කාන්තා ක්‍රිකට් කළමනාකරුවන් ලිංගික අල්ලස් ලබාගත් බව සනාථයි

Published in ක්‍රීඩා
Friday, 22 May 2015 10:27

ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමේ කළමනාකාරීන් කිහිපදෙනෙකුට විරුද්ධව එල්ල වී තිබූ ලිංගික අල්ලස් චෝදනා සනාථ වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනා සොයාබැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත ඊයේ(21) බාරදී තිබුණි.

ඒ අනූව ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරන බව එම අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලැබී ඇති කමිටු සාමාජිකයන්ගේ නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙත ඉදිරිපත් කර ඊට අනුකූලව ක්‍රියාකිරීමට උපදෙස් ලබාදීමට කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන්ය.

කමිටුවේ විමර්ශන නිසියාකාරයෙන් නිමකිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා කමිටු සාමාජිකයන් වෙත සිය ස්තූතිය පුද කර තිබේ.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us