රුපියල් කෝටි පහක පමණ වියදමින් වසර තුනකට පෙර කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පිහිටුවනු ලැබූ සී සී ටී වී කැමරා පද්ධතියෙන් පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් නැවතුම් පොළ ඇතුළු ඒ ආසන්න ප්‍රදේශය ආවරනය නොවන බව වාර්තා වේ. මෙය අනාවරණය වන්නේ බැස්ටියන් මාවත බස්නැවතුම් පොළේ තිබී හමුවූ කාන්තා මළ සිරුර පිළිබඳ පරීක්ෂණ කිරීමේදීය.

එක්සත් ජාතික පක්ෂ රජය පසුගිය මාස 6ක් තුල සන්ධාන රජය එතෙක් ක්‍රියාත්මක කල සංවර්ධන ව්‍යාපෘති පනස් අට දහසක් නවතා දමා ලක්ෂ 15ක් රැකියා අහිමි කල බවත්, ලබන 18 දා ලබන්නා වූ ජනතා ජයග්‍රහණයෙන් සතියක් තුල සියලු සංවර්ධන ව්‍යාපෘති නැවත අරඹා රටට සිදුවූ වරද නිවැරදි කිරීමට තමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය කැපවී කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතා පැවැසීය.

විෂමතා ඉවත් කිරීමෙන් පසු විශ්‍රාමිකයන්ට එම මුදල් ලබා ගැනීමට තිබූ ගැටලු වහා ම ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ(30) විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

ධම්මික පෙරේරාට අයත් රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් බැහැර කළ අපද්‍රව්‍ය නිසා ප්‍රදේශයේ ජලය අපවිතවූ බව කියමින් කම්හල වසා දමන ලෙස හා පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට වෙඩි තැබීම් හා පහර දීම සිදු කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බැවින් එහි දී යුද හමුදාව බලය අයුතු ලෙස යොදවා ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයෙන් හෙළි කර ඇත.

ඉන්දීය ජාතිකයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහුගෙන් රුපියල් 14 කෝටියකට අධික මුදලක් වංචා කළැයි ටෙලිනාට්‍ය නිළි ආක්ෂා සුදාරිගේ (28) බැංකු ගිණුම් ගනුදෙනු අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (30දා) නියෝග කළේය.

තමා රූපවාහිනී සංස්ථාවේ සභාපතිකමින් ඉවත් වන්නේ බලපෑමක් නිසා නොව පෞද්ගලකි කාරණ කිහිපයක් නිසා ඇයැයි සෝමරත්න දිසානායක මහතා කියයි.

හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අනතුරකට ලක්ව විදේශගතව ප්‍රතිකාර ලැබූ කාලයේදී ඔහුට ලබාගත නොහැකි වූ ඉන්ධන දිමනාව වශයෙන් රුපියල් ලක්ෂ එකොළහකට අධික මුදලක් වංචාකාරී ලෙස රජයෙන් ලබාගෙන තිබේ.මීට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසේ සිටි බව කියන කිනිතුල්ලන් මර්දනය කිරීමට තලවතුගොඩ ප්‍රදේශයේ ආයතනයක් වෙත රුපියල් හැත්තැඅටදහසක්ද රජයේ මුදලින් ගෙවා ඇති බව බිල්පත් ලිපි ලේඛන සහිතව අනාවරණය වී ඇත.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් රාඩා ආයතනයේ මුදල් වංචා කිරීම මඟින් සාපරාධී විශ්වාසය කඩකිරීම සහ මහජන මුදල් අයථා පරිහරණය යටතේ වරෙන්තුවකින් තොරව වුවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇතැයි නීතිපතිවරයා ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us