මෛත්‍රීපාල සිරිසේන මහතාව විපක්ෂයේ පොදු අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් ඔහුට සහය පිණිස සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණේ "අලියා" ලකුණින් තරඟ කිරීම සඳහා අද (11)නාමයෝජනා පත්‍රිකාවට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

මේ වසරේ මුල් කාර්තුවේදී රුපියල් කෝටි 68,000ක දැවැන්ත ණය මුදල් ප‍්‍රමාණයක් ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහබාගී වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන්ට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ලබා දෙන ලෙස සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කමි‍ටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි දැන ගැනීමට තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා මීට සුළු මොහොතකට පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබේ.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බිහිකිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරෙම 12 වන දින පෙරවරු 10.00ට අරලිය ගහ මන්දිරයේදී සිදු කරන බව අද්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මීට පෙර මෙය යෝදා ගෙන තිබුනේ 14 වන දින විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී සිදු කිරීමට නමුත් නාමයෝජනා බාර දීමට පෙර මෙම ගිවිසුම අත්සන් කිරීමට තීරණය ගෙන තිබේ.

ලබන බදාදා සිට ගෘහස්ත ගැස් සිලින්ඩරයක මිළ රුපියල් 100 කින් අඩු කිරීමට තමාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස් ලැබුණු බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.

මැතිවරණ රැලි

Published in පුවත්
Saturday, 11 July 2015 10:10
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ආරම්භක රැලිය ලබන 14 වැනිදා මහනුවර පොදු වෙළෙඳ පොළ භූමියේදී පැවැත්වේ. පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු මේ මංගල රැලියට සහභාගි වෙති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදීමට විරෝධය පළ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ විස්‌සක්‌ පමණ මෙවර මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us