සමාජවාදී කියුබාව දෙස බලන්න. පුරුදු ගතියක් පෙනෙයි. ඒත් අරගලයක් තවම නැත.   Featured

Wednesday, 10 January 2024 21:20

ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර ඇති බව එරට අගමැති මැනුවෙල් මැරෙරො කෘස් නිවේදනය කර ඇත. ඒ අනුව පෙබරවාරි මස පළමුවැනිදා(01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමේ.

මීට අමතරව විදුලි බිල් සියයට 25 කින්ද ගෑස් මිළද ඉහළ දැමෙන බවත් ප්‍රකාශ වී ඇත. පසුගිය කාලය පුරා පවතින වේගවත් උද්ධමන තත්වය මේ නව තීරණය සමඟ තවදුරටත් ඉහළ යෑමේ බීතිකාව නිසා මේ වන විට කියබාව පුරා තෙල් පොලිම් මෙන්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා දිගු පොලිම් නිර්මාණය වෙමින් පවතී.

අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙස සහ ආහාර, ඖෂධ, ඉන්ධන ආනයනය සඳහා අරමුදල් රැස් කිරීමට මෙම පියවර ගන්නා බව කියුබානු රජය ප්‍රකාශයට පත් කර ඇත. උද්ධමනය මිලියන 11ක ජනගහනයක් වෙසෙන කියුබාව 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කෙසේ නමුත් 94-ඔක්ටේන් පෙට්‍රල් සඳහා මිල වැඩිවීම නිසා තනි ලීටර් 40ක ඉන්ධන ටැංකියක් පෙසෝ 6,240ක් හෝ විනිමය අනුපාතිකය අනුව ඩොලර් 23ක් පමණ වනු ඇත. කියුබාවේ අවම මාසික රාජ්‍ය වැටුප පෙසෝ 2100 ක් පමණ වන අතර බහුතරයක්ගේ වැටුප පෙසෝ 4,200 ට ආසන්නය.FKHVKUTKZRKI5PFK4BU2OCJU44

සඳුදා වෙනම නිවේදනයක් නිකුත් කරමින් රජය කියා සිටියේ එරට සංචාරය වෙනුවෙන් පැමිණෙන විදේශිකයන් ඉන්ධන සඳහා ඩොලර් වලින් ගෙවිය යුතු බවය. ඒ සඳහා සේවා මධ්‍යස්ථාන 29 ක් විවෘත කිරීමටද නියමිතය.

දෙසැම්බරයේ කියුබානු මහජන බලයේ ජාතික සභාව හි ආර්ථික කටයුතු කොමිෂන් සභාව ඉදිරියේ කළ දේශනයකදී, ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් කියා සිටියේ කියුබාව සතුව,සමහර විට ප්‍රදේශයේ හෝ ලෝකයේ ලාභම ඉන්ධන ඇති බවත්, එබැවින්, ඉන්ධන මිළ වැඩිකිරීම යුතු බවට මෙහි සිටින සියලු දෙනාම පාහේ එකඟ වෙති, යනුවෙනි.

පසුගිය සඳුදා මුදල් අමාත්‍ය ව්ලැඩිමීර් රෙගුයිරෝ තහවුරු කළේ, මේ මොහොතේ කියුබානු පෙසෝ 25 (එක්සත් ජනපද ශත 0.20) අගයක් ඇති සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල කියුබානු පෙසෝ 132 (ඩොලර් 1.10) වන බවය. මේ අනුව පෙසෝ 2100 ක පමණ වැටුප් ලබන කියුබානුවෙකුට එයින් ලබා ගත හැක්කේ ඉන්ධන ලීටර 15 ක පමණ ප්‍රමාණයකි. මේ තත්වයන් අනුව ඉන්ධන විදුලි ගෑස් ආදියෙහි මිළ ඉහළ යෑම අනුව වෙළඳපොළේහි සෙසු සෑම භාණඩයකම හා සේවාවක මිළ හත්අටගුණයකින් මිළ ඉහළ යෑම සිදු වීම අනිවාර්ය තත්වයකි. images 1

කොහොම නමුත් මේ තත්වයන් හැඳින්විය හැක්කේ මේ ලැබී තිබෙන සමාජවාදී ආර්ථිකයේ තර්කාණුකූල ප්‍රතිපලයට කියුබානුවන්ට වෙන්න පුළුවන් නරකම ආකාරයේ පීඩාවකට මුහුණ දීමට සිදු වන බවය. මෙරට වාමාංශික ව්‍යාපාරයද සටන් වදින්නේ කියුබානු පන්නයේ රටක් ගොඩනැංවීමටය. වර්තමානයේ ජනප්‍රිය දේශපාලනයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයද කේන්ද්‍රගතවන්නේ කියුබානු ආදර්ශය සමඟය. ඔවුන් අතට බලය හුවමාරු වීම සිදුවුණහොත් එහි අවසන් ප්‍රතිපලයද අද කියුබාව විසින්ද පෙන්වා දී ඇත.

එසේම කියුබාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ වෙනයම් ආයතන සමඟ යහපත් ගනුදෙනුවක නොමැති නිසා කියුබාවට මෙම ආර්ථික අර්බුදය ජය ගැනීමට උත්සහ කළ හැකි වන්නේ කියුබානුවන් මේ තත්වයන් ඉවසා සිටින තාක් පමණි.

Screenshot 2024 01 10 211152Screenshot 2024 01 10 211056

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us