ශිෂ්‍යයෙකුගේ මුවකින් දත් 232ක් ඉවත් කරයි

Published in විදෙස්
Friday, 25 July 2014 08:18

17 හැවිරිදි ශිෂ්‍යයෙකුගේ මුඛයෙහි පිහිටා තිබූ දත් 232ක් වෛද්‍යවරුන් පිරිසක් විසින් ඉවත් කරනු ලැබූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම සුවිශේෂී ශල්‍යකර්මය සඳහා පැය 7ක කාලයක් ගතවූ බව ය.

ආෂික් ගවායි (Ashik Gavai) නමැති අදාළ ශිෂ්‍යයා මුම්බායිහි රෝහලකට පැමිණ ඇත්තේ, කම්මුලක් ඉදිමී තිබීම හේතුවෙනි.

ඔහු මාස 18ක පමණ කාලයක් එම තත්ත්වයෙන් පීඩා විඳ ඇත.

ඔහුට ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරුන් පවසන්නේ, මෙය ලෝක වාර්තාවක් ලෙස සැලකිය යුතු දුර්ලභ තත්ත්වයක් බව ය.

අදාළ තරුණයාගේ මුඛයේ හටගෙන තිබු තුවාලයක් පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පැවති බැවින් කඩිනමින් ඔහු ශල්‍යකර්මය සඳහා මුම්බායි නුවරට රැගෙන ආ බව ආශික් ගවායිගේ පියා පවසා ඇත.

232-Teeth-1232-Teeth-2232-Teeth-3

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us