‘ආකේඩ්-නිදහස් චතුරස්‍රය’ විවෘතවේ

Published in පුවත්
Monday, 14 July 2014 20:23

"ආකේඩ් - නිදහස් චතුරස්‍රය" (Arcade Independent Square) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම ව්‍යාපෘතිය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කැර තිබෙන අතර ඒ වෙනුවෙන් වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 500 කි.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ඉඳිකළ "ආකේඩ් - නිදහස් චතුරස්‍රය" සුපිරි සාප්පු සවාරියක අත්දැකීම් විඳගැනීමේ හැකියාව ලබාදී තිබේ.

මේ නව සාප්පු සංකීර්ණය තුළ ලොව ප්‍රකට වෙළෙඳ නාමාවලියෙන් යුත් පාරිභෝගික භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඟලුම් විලාසිතා, ආභරණ හා ක්‍රීඩා භාණ්ඩවලින් සමන්විත සාප්පු 40කින් සමන්විත වන අතර ඊට අමතරව සුපිරි තත්ත්වයේ අවන්හල් වලින් ද අති නවීන තාක්ෂණයෙන් යුත් සිනමා ශාලාවකින් ද සමන්විත වෙයි .

ජනතා අයිතියට පැවරුණු මෙම "ආකේඩ් - නිදහස් චතුරස්‍රය" වාණිජ මධ්‍යස්ථානය වර්ග අඩි 90,000ක පමණ විශාලත්වයකින් යුතුවන අතර එයින් වර්ග අඩි 40,000ක පමණ ප්‍රමාණයක් සාප්පු සංකීර්ණ අවන්හල් ඇතුළු වාණිජ කටයුතු වෙනුවෙන් විවිධ ආයතන සඳහා බදු පදනම මත ලබා දී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ප්‍රතිනිර්මාණය වූ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව ලබාදී තිබෙන අතර එය ජනතා අයිතියට පත් කිරීමත් සමඟ මෙහි පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින් වෙනුවෙන් වඩාත් ආරක්ෂාකාරී ආකර්ෂණීය පරිසරයක් සහිත විවේකය තවත් නිදහසේ ගත කිරීමට හැකි පරිසරයක් ලෙස නිර්මාණය කැර තිබේ.

කොළඹ, ටොරින්ටන්හි පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පැවති ගොඩනැඟිලි සහ එම භූමිය - කොළඹ නිදහස් චතුරශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස "ආකේඩ් - නිදහස් චතුරස්‍රය" නමින් වාණිජමය ගොඩනැඟිලි සංකීර්ණයක් බවට මෙලෙස සංවර්ධනය කර තිබේ.

බ්‍රිතාන්‍ය පාලන සමයටත් පෙර ඉදිකරන ලද මෙම ගොඩනැඟිලි ලන්දේසි පාලන සමයේ මානසික රෝහලක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර පසුව විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් පරිහරණය කොට ඇත. අවසාන වශයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහා භාවිත කරන ලදී.

නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය මෙම ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පැරණි තුරඟ තරග පිටිය සංවර්ධනය කරනු ලැබිය.

Arcade-Independence-30

Arcade-Independence-29

Arcade-Independence-28

Arcade-Independence-27

Arcade-Independence-26

Arcade-Independence-25

Arcade-Independence-24

Arcade-Independence-23

Arcade-Independence-22

Arcade-Independence-21

Arcade-Independence-20

Arcade-Independence-19

Arcade-Independence-18

Arcade-Independence-17

Arcade-Independence-16

Arcade-Independence-15

Arcade-Independence-14

Arcade-Independence-13

Arcade-Independence-12

Arcade-Independence-11

Arcade-Independence-10

Arcade-Independence-9

Arcade-Independence-8

Arcade-Independence-7

Arcade-Independence-6

Arcade-Independence-5

Arcade-Independence-4

Arcade-Independence-3

Arcade-Independence-2

Arcade-Independence

Arcade-Independence-1

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

Connet With Us