සචිත‍්‍ර යළි දස්කම් පෙන්වයි.

Published in ක්‍රීඩා
Friday, 10 October 2014 10:35
ශී‍්‍ර ලංකා දග පන්දු යවන කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායක පන්දුව දමා ගසන බවට ඉකුත් ජූලි මාසයේදී  චෝදනා එල්ල වුණි. 
පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසු සහභාගි වූ පළමු කි‍්‍රකට් තරගාවලියේ දීම එනම් වෙළද සේවා කි‍්‍රකට් තරගාවලියේදී දක්‍ෂතා දැක්වීමට  ඔහු සමත් වී තිබේ.
 
ඔහු පසුගිය සමයේ බටහිර  ඕස්ටේ‍්‍රලියාවේ විශ්ව විද්‍යාලයකදී සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීම සදහා විවිධ පුහුණු සැසිවලට සහභාගි වූවේය. එහිදී පෙන්වූ ප‍්‍රගතිය අනුව වෙළද සේවා කි‍්‍රකට් තරගාවලියේදී පන්දු යැවීමේ අවස්ථාව ඔහුට ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කළේය.
 
එහිදී තරග 3 කට සහභාගි වූ ඔහු පන්දුවාර 22 ක් යවා ලකුණු 73 කට කඩුලූ 5 ක් බිද හෙලූවේය. සචිත‍්‍රගේ හොදම පන්දු යැවීම ලෙස සටහන් වුයේ ලකුණු 16 කට කඩුලූ 3 ක් බිද හෙළීමය.
 
මේ වනවිට සචිත‍්‍ර සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගෙන ඇති බව පෙන්වා දෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊට ජාත්‍යන්තර කි‍්‍රකට් අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරියේදී කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය. සචිත‍්‍ර වෙළද සේවා තරගාවලියට සහභාගි වුවද ඔහුට මෙතෙක් ජාත්‍යන්තර තරග සදහා එක්වීමට කි‍්‍රකට් කවුන්සිලයෙන් අනුමැතිය ලැබී නොමැත. 

 

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

Connet With Us