ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පත්කර සිටී. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා රාජ්‍ය කළමනාකාරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යනාදි රජයේ ආයතන ගණනාවක ශ්‍රී ලංකා පරිපාලන විශේෂ සේවයේ නිලධාරි‍යකු ලෙස රුවන්චන්ද්‍ර මහතා කටයුතු කර තිබේ.

ක්‍රීඩා සංගම් නව නිලධාරීන් පත් කිරීමේ නිලවරණ කාලය මැයි 15වැනිදා දක්වා දීර්ඝ කරයි. එයට අදාළ ගැසට් පත්‍රය අද හෝ හෙට ප්‍රකාශයට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මධ්‍යම පංතියේ ( light middleweight class) බොක්ෂිං ලෝක ශූරයකු වන අමරිකානු ජාතික ග්ලේන් ටැපියා පසුගියදා මෙරට සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ සංචාරක හා ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා හමුවිය.

අපේ රටේ ක්‍රිකට් වීරයන් දෙදෙනාට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සුබපැතුම් එක්කර තිබෙන්නේ මේ ආකාරයෙනි.

වහින වැහි බිඳු තරම් සුවහසක් නෙතු කඳුළු රන්දා
ගැහෙන හදවත් අතර දහසකුත් සුබ පැතුම් ඉන්දා

ලබන බදාදා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ජගත් ක්‍රිකට් කුසලානයේ අර්ධ අවසාන පූර්ව වටයේ තරඟය ක්‍රීඩකයන් දෙදෙනකු අතර ද්වන්ධ සටනක් නොවන බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ බත් කෙන්ඩයට සම්බන්ධිත බල නහරයක අැතිවූ ආබාධයෙන් ඔහු සුවය ලබා තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා ක්‍රික්ඉන්ෆෝ පුවත්සේවයට පවසා තිබේ.

එංගලන්ත අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදී සසෙක්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ මහේල ජයර්ධන ගිවිසුම් අත්සන්කොට තිබේ.

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us