සිය අමාත්‍යංශයේ සිටින 'මාෆියා කණ්ඩායම්වල' බලය බිඳ දැමීම පිණිස ප්‍රබල උත්සාහයක් දරමින් සිටින බව සංචාරක සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

තෙවරක් කල්දැමීමට සිදුවු මතභේදාත්මක බැඩ්මින්ටන් නිලවරණය මැයි මස 13වැනිදා පැවැත්වෙයි. වසර 4ක් නිලතල දැරූ හා ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූල නොවන ලෙස එම නිලවරණයට අදාලව නාමයෝජනා භාරදෙන අය පිළිබඳ අවසන් තීරණය ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැවැරීමට බැඩ්මින්ටන් සංගමය තීරණය කරයි.

ශ්‍රී ලංකාවේ පැවත්වෙන ජාතික මට්ටමේ ප්‍රබල ම වොලිබෝල් තරගාවලියක් වන තරුණ සේවා සහ රූපවාහිනි වොලිබෝල් තරග මාලාවේ සුපර් ලීග් කාන්තා අංශයේ සූරතාව මෙවර නිතරගයෙන් ම ගුවන් හමුදා කණ්ඩායමට හිමි වන තත්ත්වයක් තිබෙන බව වොලිබෝල් කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කපිල විජේගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කෙටි කාල සීමාවක් සඳහා එංගලන්තයේ වෝෂෙස්ටර්ෂර් කණ්ඩායම හා ගිවිසුම්ගතව ඇත.

ලෝක කුසලාන තරගාවලිය නිමාවීමත් සමග ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරට තව වසරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකරන ලෙස ඉල්ලීමක් කරන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේය. අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දැන් පැවැවෙන මාධ්‍ය සාකච්ඡාවකදීය.

2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නිමාවත් සමග ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

ක්‍රීඩා සංගම් මා‍ෆියාවට එරෙහිව ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා විසින් ක්‍රීඩා පනත ප්‍රකාරව ගෙන ආ වසර හතරක් ඉහළ තනතුරු දැරූවන්ට නැවත ක්‍රීඩා සංගම් වල තනතුරු සඳහා ඉදිරිපත් විය නොහැකි බවට වන නීතිය නිසා අසරණ වී සිටින ශ්‍රි ලංකා වුෂූ සංගමයේ සභාපතිවරයා වන මානෙල් ධර්මකිර්ති අධ්‍යක්ෂධුරයක් හොබවන සිලොන් ‍ටුඩේ හා මව්බිම පුවත්පත මඟින් ඇමැතිවරයාව විවේචනය කරන්නට පටන් ගෙන තිබේ.

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us