ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය නීති විරෝධි බවට ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ. මෙවර නියෝජ්‍ය සභාපති තනතුරට පත් යෙස්මින් ධර්මරත්න මහත්මිය මෙයට පෙර හයවතාවක් ලේකම් තනතුරට හා එක්වතාවක් භාණ්ඩාගාරික තනතුරට පත්ව ඇති හෙයින් වසර හතරේ නීතිය අනුව මෙවර පත්වීම නීති වි‍රෝධී බවට ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කළ පැමිණිල්ලේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ හිටපු එක්දින හා විස්සයි විස්ස සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් ලීග විස්සයි විස්ස තරගාවලිය සඳහා ගිවිසුම් ගතව තිබූ ඔහු තරග කාර්තු දෙකක් සඳහා සිය දායකත්වය හොබාට් හරිකේන්ස් කණ්ඩායමට ලබාදීමට ගිවිසුම් අත්සන් කොට තිබේ.

බොක්සිං ඉතිහාසයේ පොහොසත්ම තරගය
මේවෙදර්-පැකියාඕ
‘සියවසේ සටන’ අදයි
වර්නන් ගුණසේකර
අමෙරිකාවේ අපරාජිත ෆ්ලොයිඩ් මේවෙදර් හා පිලිපීනයේ ජාතික වීරයෙකු වන මැනී පැකියාඕ අතර ඩොලර් මිලියන හාරසියයේ ‘සියවසේ සටන’ අද (2) ලාස් වේගාස් නුවර එම්.ජී.එම්. හෝටලය ඇතුළත පිහිටි ග්‍රෑන්ඩ් ගාඩ්න් බොක්සිං වළල්ලේදී පැවැත්වෙයි.

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී දැන් පැවැත්වෙන ජාතික දැල්පන්දු සංගම් නිලවරණයේදී යසා රාමචන්ද්‍ර මහත්මිය එහි සභාපතිවරයා ලෙස තේරී පත්ව ඇති බව වාර්තා වේ. ඇය දැල්පන්දු ක්‍ෂෙත්‍රයේ අත්දැකීම් බහුල ක්‍රියාකාරිනියකි.

ඇතැම්විට ක්‍රීඩකයන්ට වඩා විනිසුරුවරුන්ට ක්‍රිකට් තරගවලදී ගෙවීම් සිදුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි. ඊයේ (28දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.

කුරුණැගල මලියදේව විද්‍යාලයේ සිවු වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි කේ.ටී.යසිරු සන්දීප අනුහස් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැලේසියාවේ ක්වාලම්පූර් නුවර දී මැයි මස 14 සිට 19 දක්වා පැවත්වීමට නියමිත, 16 වන මයිලෝ ජාත්‍යන්තර ආසියාතික කරාතේ තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත.

එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලිය සඳහා සරේ කණ්ඩායම නියෝජනය කරමින් එක්වූ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මුහුණ දුන් පළමු තරගයෙන්ම ශතකයක් වාර්තා කළේය.

ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකාවේ හිටපු එක්දින ක්‍රීඩක කුමාර් සංගක්කාර කළ මෙහෙය අගයමින් ඔහු ආසියානු සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවී තිබේ. ඊයේ (17දා) රාත්‍රියේදි එංගලන්තයේදී මෙම සම්මාන උළෙල පවත්වා තිබේ.

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us