ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ බාලම දරුවා වූ උවිදු විජේවීර දැන් දේශපාලනයට අවතීරණය වී සිටී. උවිදුගේ මේ දේශපාලන ආගමනය ලංකාවේ දේශපාලනයට කවරාකාරයෙන් බලපෑමක් වේ දැයි දැන්නම් කිසිවක් නිශ්චිතව කිව නොහැක.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පසුගියදා සම්මත කරගන්නා ලද යෝජනාවලිය සම්බන්ධයෙන් විවිධ කතිකාවත් ගොඩනැගෙමින් පවතී.

පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම රටක් ලෙස ලැබූ පරාජයක් ලෙස සැලකිය හැකි නමුත් විපක්ෂ දේශපාලන පක්ෂ එය සලකමින් සිටින්නේ ආණ්ඩුව ලැබූ නැතිනම් රාජපක්ෂවරු ලැබූ පරාජයක් ලෙසය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් එම යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබි තිබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 11 ක ලැබී තිබිණි. එසේම ඡන්ද ප්‍රකාශ නොකර සිටීමට රටවල් 14 ක් ක්‍රියාකර තිබිණි. මේ අනුව යෝජනාවට බහුතර ඡන්දයක් ලැබී එය ජයග්‍රහණය කර ඇති බව පැහැදිලිය.

ලංකාවේ පරිසර විනාශය සම්බන්ධ බරපතල ගැටළුවක් පවතින බව විවාදයක් නැතිව පිළිගත යුතු ඇත්තකි. එය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පැවැති කිසිදු ආණ්ඩුවක් විසින් හෝ ප්‍රතික්ෂේප නොකළ ඇත්තකි. එහෙත් පරිසරය සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් අප ගෙන තිබෙන පියවරයන්ට වඩා පරිසරය යළි යළිත් හානියට හේතු වන පියවරයන් ගැනීම දිගින් දිගටම සිදුවෙමින් පවතී.

කැලෑ කපන කතා දැන් ඔක්කාරෙට එන තරමට වැඩි වී ඇත. පසුගිය මාස කිහිපය තුල සමාජ මාධ්‍ය ප්‍රමුඛව අනෙකුත් මාධ්‍යයන් විසින් වාර්තා කළ සිදුවීම් ප්‍රමාණය අනුව තවත් කපන්නට තරම් කැලැයක් මේ රටේ ඉතිරිව තිබෙනවාද සැක සහිතය. ජවිපෙ මූලිකව එජාප(සජබ) කොටසකුත් සහ වෙනත් විපක්ෂ කුඩා කණ්ඩායම් මෙලෙස මහා වන විනාශයක් රටතුල සිදුවෙමින් පවතින බවට දැවැන්ත ප්‍රචාරයක් සිදු කරමින් තිබේ.

හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක නැවත වතාවක් දේශපාලන කරළියෙහි හොල්මන් කරන්නට පටන් ගෙන තිබේ. මෑතක සිට සිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට නව පණක් ලබාදෙමින් ඇය තමන්ගේ දේශපාලන පෞර්ෂය ඔසවා තැබීම වෙනුවෙන් යමක් කරමින් සිටියා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පරිසරයට වන හානිය ගැන වාර්තා වෙන පුවත් සීග්‍ර ලෙස වැඩිවීම කැපි පෙනුනු තත්වයක් විය. මුල් වකවානුවේදීම වැලි පස් මැටි සඳහා පනවා තිබූ තහංචි ඉවත් කිරීම නිසා එය පරිසර හානියකට මඟ පැදිනි.

Connet With Us