ශ්‍රී ලාංකික සංගීතවේදිනියකට ලැබුණු අනගි අවස්ථාව

Published in කලා
Friday, 10 May 2024 15:57

බටහිර සම්භාව්‍ය සංගීත වංශයේ යුග කාරක සංගීතඥයකු ලෙස සැළකෙන Haydn ගේ ප්‍රකට නිර්මාණයක ඌන පූර්ණයක් ලෙස සංගීතමය එකතු කිරීමක් කිරීමට ආසියානු සංගීතවේදිනියකට අවස්ථාව ලැබී තිබේ. ඒ මෙරට ප්‍රවීණ සංගීතඥයකු වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණිය වන අන්තර්ජාතික සම්මානලාභිනී සංගීත වේදිනියක මෙන්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරියක වන ගයත්‍රී කේමදාසටය.

Haydn ගේ මෙම නිර්මාණ වාග්නාද සංගීත ප්‍රභේදයට අයිති ලොව පුරා ප්‍රකට සංගීත නිර්මාණයකි. Haydns Creation නමින් එළැඹෙන 12 වැනිදා ප.ව.03.00ට එංගලන්තයේ Portsmouth හිදි ශාන්ත මරියා දෙව් මැදුරේදී Harant symphony orchestra නමින් යුත් සංධ්වනි වාද්‍ය වෘන්දයේ සංගීත සහය සමඟ ප්‍රසංගය පැවැත්වීමට නියමිතය. Creation හෙවත් උත්පත්ති ලෙස හැඳීන්වෙන මේ නිර්මාණය ඔස්ටියෙන් සංගීතයේ පුරෝගාමී සංගීතඥයෙකු ලෙස සැලකෙන Joseph Haydn ගේ නිර්මාණයකි. ශ්‍රී ලාංකික අන්තර්ජාතික සම්මානිත සංගීත වේදිනියක ලෙස ගයත්‍රි කේමදාස හට මේ අවස්ථාව ලබාදීමෙන් ඇය ලෝක සම්භාව්‍ය සංගීතකාමීන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වන්නීය.

ඇය වැඩිදුරටත් පැවසුවේ,
''ලංකාවේ වාසය කරන මා වැනි පුද්ගලයෙකුට මෙවැනි ආරාධනයක් කිරීම ඇත්තටම මට විතරක් නෙවෙයි ලංකාවටම සුවිශේෂයි. ඈන් හන්ටර් ලියපු කවිය සංගීතවත් කරන්න තමයි මට මේ ආරාධනාව ලැබුණේ එංගලන්තයේ Portsmouth විශ්වවිද්‍යාලයෙන්. මම කරපු සංගිතයේ වෙනසක් නිසා මෙම නිර්මාණයට මාව දායක කරගත්තා වෙන්න පුලුවන් කියල මම හිතනවා. මට මේ වෙනස කියලා දුන්නේ තාත්තා. මේ අවස්ථාවේ දී මම ඉගන ගත්ත දෙයක් තියෙනම් ඒ මගේ තාත්තා නිසා. මම මේ අවස්ථාවේ ඔහුට ස්තුති වන්න වෙනවා.''

Last modified on Friday, 10 May 2024 15:58

Leave a comment

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us