ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා – ඕමාන තරගය අදයි

Published in ක්‍රීඩා
Thursday, 12 February 2026 09:29

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 2 වැනි තරගය ඕමානය සමඟින් අද (12 ) දිවා තරගයක් ලෙසින් මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ‍

මෙම තරගය මෙවර තරගාවලියේ 16 වැනි තරගයයි.

ඕමානය මෙවර ලෝක කුසලාන තරගාවලිය හා එක් වෙන්නේ සිව් වැනි වතාවටයි.

ඔවුන් මීට පෙර 2016, 2021 සහ 2024 යන වසරවල දී මෙම තරගමාලාව සමඟ එක් වූ අතර, මෙවර පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ආසියා – පැසිෆික් කලාප සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී 2 වැනි ස්ථානයට පත් වෙමින් මේ අවස්ථාව උදා කරගැනීමටයි සමත් වන්නේ.

ඔවුන් මේ දක්වා ලෝක කුසලාන තරග 11කට සහභාගී වී තිබන අතර, ඉන් ජයග්‍රහණය කරනු ලබන්නේ තරග ද්විත්වයක දී පමණයි.

ඒ 2016 වසරේ දී අයර්ලන්තයට එරෙහිව සහ 2021 වසරේ දී පැපුවා නිව් ගිනියාවට එරෙහිවයි.

ඉතිරි තරගවලින් තරගයක් ලකුණු සම වීමෙන් ද තවත් තරගයක් විසඳුමකින් තොරව ද අවසන් කරන ඔවුන්ට අනෙක් තරග 7 නිමා කිරීමට සිදු වෙන්නේ පරාජිත තරග ලෙසිනුයි.

ඒ අතර මෙවර තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම වෙතින් ලත් පරාජය ද තිබෙනවා.

ඕමාන ඉතිහාසයේ මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ තරග 111කට පමණක් වන අතර, ඒ අතර ශ්‍රී ලංකාව සමග එක් තරගයක්වත් නැහැ.

ඒ අනුව ඔවුනොවුන් විස්සයි විස්ස ලෝක ජාත්‍යන්තර තරග පිටියක දී හමුවෙන පළමු අවස්ථාව මෙයයි.

ඔවුනොවුන් මේ දක්වා ජාත්‍යන්තර තරග පිටියක දී හමුව ඇත්තේ එක් එක්දින තරගයක දී පමණක් වන අතර, එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩුලු 10ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වුණා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us