ඉන්දියාවේ සම්මාන උළෙලකදී වින්ඩි සම්මානයෙන් පිදුම් ලබයි

Published in කලා
Wednesday, 27 March 2024 09:56

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards )“අය්යෝ සාමි ” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක, 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023 ) හිමි සම්මානය හිමි කර ගෙන ඊයේ (26) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර, මෙම සම්මාන උළෙල ඉකුත් 24 වනදා ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණා.

සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සඳහා සංගීත‍ය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක් වී සිටි බවයි වාර්තා වන්නේ.

මොවුන් ඊයේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ ය.

 එසේම වින්ඩි ගුණතිලකගේ දෙමාපියන් වන රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා ද සනුක වික්‍රමසිංහගේ පියා වන සංගීත් වික්‍රමසිංහ ඇතුළු විශාල පිරිසක් මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට සහභාගී වීම සදහා ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

VINDI 1

VINDI 2

VINDI 3

-P.M

Last modified on Wednesday, 27 March 2024 12:01

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us