නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකාවට වියළි රතු මිරිස් අපනයනය කිරීම තාවකාලිකව නවතා දමන ලෙස ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය (Chillies Exporters Association India) විසින් එම සංගමයේ සාමාජිකයන්ට, මිරිස් අපනයනකරුවන්ට සහ අනෙක් පාර්ශ්වයන්ට දැනුම්දී ඇත.

 

පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිවරයාට යොමු කළ මාර්ගෝපදේශ මාලා පොලිසිවලට දැනුම්දී ඇතත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව හෝමාගම සිදුවීමෙන් පෙනී යන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා ‘අරුණ’ට පැවැසීය.

අප්‍රිකානු සූකර උණ රෝගය දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවිපොළවලින් යළි වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

වෛද්‍ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ​ශ්‍රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්‍රය නඟා සිටුවීම වෙනුවෙන් මෙහෙවරක යෙදෙන, වෛද්‍ය එච්. එම්. සී. ප්‍රසාද් හේරත් මහතා එම ක්ෂේත්‍රයේ නව තනතුරකට පත් කර තිබේ.

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය අඩු පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වෙළෙඳ පොලේ ලූස් වශයෙන් අලෙවි කෙරෙන පොල් තෙල් වල බරපතළ ගැටලු තත්ත්වයක් පවතින බවත්,මීට අමතරව ඇසුරුම් කරන ලද පොල් තෙල්වල පවතින ගැටලුවලට අදාළව එම ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගත් අවස්ථා තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ,පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පැවසුවේය.

ලබන ජනවාරි මාසයට පෙර පොලිස් නිලධාරින්ට තීරුබදු රහිත ඉලෙක්ට්‍රික් යතුරුපැදි දීමට හැකිවනු ඇතැයි පොලිස් මූලස්ථානය විශ්වාසය පළකරයි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ පාසල් 13කට අද (21) දින නිවාඩු ලබා දුන් බව එම කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් පැවසීය.

Page 1 of 1990

ld add copy

Connet With Us