මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව Featured

Published in Gossip
Friday, 06 September 2019 17:13

අද උදෑසන පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන්ගේ ‍රැස්වීමෙදී රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බවට ගත් තීන්දුව විහිළු සහගත එකක් බව එම පක්ෂයේ ජේෂ්ඨයකු සඳහන් කරයි.. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සලකා බැලූ සමීක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බව රනිල් වික්‍රමසිංහද පිළිගෙන තිබේ.

මෙහිදී මලික් සමරවික්‍රම අලුත්ම සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස්ගේ ජනප්‍රියත්වය මීට සති දෙකකට පෙර තිබූ තත්වයට වඩා සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බවද පෙන්වා දී තිබේ. අලුත් වාර්තාව අනුව සජිත් 42% රනිල් 17% කරූ 15% වශයෙන් එය විය. මීට සති දෙක්කට පෙර එය සජිත් 35% රනිල් 20% කරූ 15% වශයෙන් තිබුණු බවද පෙන්වා දී තිබේ.

මේ අතර මෙරට බුද්ධි අංශයක් මඟින් කළ සමීක්ෂණයකදි ප්‍රතිවාදී අපේක්ෂකයා වන නන්දසේන ගොඝාභයගේ ජන්ප්‍රියත්වය මීට සති දෙක්කට පෙරතිබූ තැනි පහල වැටී ඇති බවත් සජිත් ප්‍රේමදාසගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි..මේ වන විට එම දෙපාර්ශ්වය කරට කර සිටින බවත්. ශ්‍රීලනිපයේ සහය හිමිවන කණ්ඩායමට පහසු ජය්ග්‍රහණයක් ලැබීමේ හැකියාව ඇති බවත් බුද්ධි අංශ වාර්ථා අනුව පැවසිය හැකි බවත් එම කාර්යාල නිලධාරියකු පැවැසීය.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස සමඟ එළඹෙන ඉරිදා දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් රනිල් වික්‍රමසිංහ පවසා ඇත. සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබුණ හොත් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩාමේ බහුතරයක් පක්ෂයෙන් ඉවත් වෙන බවට මීට පෙර දැනුම් දී තිබිණි. මේ අතර එවැනි තත්වයක් හමුවේ සජිත් ප්‍රමුඛ පාර්ශ්වය වෙනම සන්ධානයක් ලෙස මැතිරණයට ඉදිරිපත් වීමෙ අවදානමක්ද මතුව තිබේ. එසේ වුවහොත් එජාපයේ ඡන්ද පදනම දෙකඩ වන අතර ඒ කිසිවකුට ජය ගැනීමේ හැකියාව ඉතා අවම වෙනු ඇත.

Last modified on Friday, 06 September 2019 17:15

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us