විමල්ගේ විඩියෝ ලීක්කළා යැයි පෞද්ගලික ලේකම්ව පන්නලා.

Published in Gossip
Thursday, 11 March 2021 13:38

ඇමැති විමල් වීරවංශ වෙනම දේශපාලන ගමනක් සඳහා ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවටම එරෙහිව කුමන්ත්‍රණයක් දියත්කර තිබෙන බවට පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ වෙත විඩියෝ සාක්ෂි සහිතව පැමිණිලි කිරීමට පොදු ජන පෙරමුණෙහි මන්ත්‍රීවරු පිරිසක් කටයුතු කර තිබිණි.

මේ වෙනුවෙන් 40 ක ගේ පමණ මන්ත්‍රී කණ්ඩයමක් අගමැති මහින්ද රාජපක්ෂ හමු වී ඇති ඇතර ඔවුන් විසින් වීරවංශ ඇමැතිවරයා පසුගිය කාලයෙ කළ කී දේවල් සහ විමල්ගේ පක්ෂ අභ්‍යන්තරයේත් විවිධ කණ්ඩායම් සමඟත් සිදුකළ රහස්‍ය සාකච්ඡාවල විඩියෝ පට, හඬ පට, ඡායාරූප ආදිය ඉදිරිපත් කර තිබුණු බව වාර්ථා විය.

මෙහිදි අගමැතිවරයාද විමල්ගේ ක්‍රියාකලාපය ගැන සිය කණගා‍ටුව ප්‍රකාශකර ඇති අතර ඒ සම්බන්ධයෙන් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවෙනු ඇති බවත් මෙම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

පසුගියදා බැසිල් රාජපක්ෂ මහතාද පවසා තිබුණේ ආණ්ඩුව තුළ සිට ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන පුද්ගලයන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි. ඒ විමල් වීරවංශ ඉලක්ක කරගනිමින් කළ ප්‍රකාශයක් බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබිණි.

කෙසේ නමුත් මෙම රහස්‍ය තොරතුරු පිටස්තර පුද්ගලයන්ට ලබාදීමට කටයුතු කළා යැයි මේ වන විටත් වීරවංශ ඇමැතිවරයා තමන්ගේ කාර්ය මණ්ඩලයේ පුදගලයන් කිහිපදෙනෙකුට චෝදනා එල්ල කර ඔවුන්ව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද දැනගැනීමට තිබේ. ඒ අතර ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයාද සිටි. මේ වන විට වෙනත් අයෙකු එම තනතුරට පත්කර ඇති අතර මීට පෙර ඔහුගේ සමීපතම සම්බන්ධීකරණ ලේකම්වරයකුත් ඉවත් කර තිබිණි. මේ අතර මාධ්‍ය ලේකම්වරයා ලෙස ඇමැති කාර්ය මණ්ඩලයේ කටයුතු කළ අයවද මෑතක දී ඉවත් කර ඇත.

කොහොම නමුත් ඇමැති විමල් වීරවංශ මේ වනවිට පක්ෂයේ සංවිධාන ජාලය ගොඩනගමින් සහ වෙනත් විෂය ක්ෂේත්‍රයන් ප්‍රමුඛ කරගත් වෘත්තීය සංවිධාන සහ ආගමික සංවිධානයන්ද ගොඩනගමින් සිටින බවත් පෙනෙන්නට තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us