මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

Published in Gossip
Friday, 19 March 2021 09:10

රාජිත සේනාරත්න කියන්නේ දන්න කාලයේ සිටම ගේම්කාරයෙකි. එසේ මෙසේ ගේම්කාරයකුත් නොවේ. රාජිතගේ ගේම් ඇඟ කිළිපොලා යන ත්‍රාසජනක සිදුවීම්වලින් ගහනය. විටෙක ඒ මිනිස් ජීවිත සමඟ කරන අති බිහිසුණු ගේම්ය. ඒත් සමහර ඒවා අතේ පත්තු වී රෙද්දත් කඩාගෙන අවසන් වූ හැටි පසුගිය කාලයේ දකින්නට ලැබිණි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රසිද්ධ කළ, ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත පුද්ගලයන් සුදුවෑන්වලින් පැහැරගෙන ගොස් කිඹුලන්ට කන්න දැමීමේ චිර ප්‍රසිද්ධ කතන්දරය එවැන්නකි. එය පට්ටපල් බොරුවක් බව හෙළි විය.

දැන් අලුත්ම කතාව මාධ්‍යවේදියෙක් පැහැරගෙන ගොස් ඔහුට වද දීමේ කතාවය. එහි සම්පූර්ණ ඇත්ත නැත්ත දින කිහිපයක් තුළ පොලීසිය සොයාගෙන ඇත. ඒ කතාව මෙහෙමය.

සියරට නම් පුවත්පතක මාධ්‍යවේදියෙක් බව කියන සුජීව ගමගේ නමැති 62 හැවිරිදි මෙම පුද්ගලයා පුද්ගලයින් සිව් දෙනෙකු විසින් තමාව පැහැරගෙන ගොස් පහරදී දෙ අත් පුළුස්සා චිප් පතක් ඉල්ලූ බවට පසුගිය මාර්තු මස 10 වනදා පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. ඒ අනුව අදාළ පුද්ගලයා පොලීසියට පැමිණිල්ල සිදුකිරීමෙන් පසුව මේ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ද යම් ප්‍රචාරයක් දියත්කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය ඔහුගෙන්ම දැනගෙන තිබෙන ඇත්ත කතන්දරය අනුව මෙය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුතු විසින් ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම වෙනුවෙන් සිතාමතා සැලසුම්කරණ ලද තවත් නාටකයක්ද යන්න ගැන විශාල සැකයක් හට ගෙන ඇත.

මොහුගේ පාපොච්චාරණය අනුව ඔහු විසින්ම ඔහුගේ නිවසේදී මේසන් හැන්දක් රත්කර ඔහුගේ දෙඅත් පුළුස්සාගෙන තිබෙන බව ද අනාවරණය කර ඇතත් මේ නාටකය වෙනත් කිසිවකුගේ මෙහෙයවීම මත සිදුවූවාද යන්න ගැන සැකයක් ඇතිව තිබේ.

මන්ද ඔහු පොලීසියට පැමිණිල්ල සිදුකිරීමෙන් පසුව ගොස් ඇත්තේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි චතුර සේනාරත්න විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාලයකටය.

එම කාර්යාලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඔහුව හමුවී ඇති බවත් හෙළිව තිබේ. ඔහුව රෝහල් ගතකර යළි මාධ්‍ය සංදර්ශනයක් දියත් කිරීමද ඒ අනුව සිදුව තිබේ.

ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් සහ චතුර සේනාරත්නගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධව එම පුද්ගලයාව මේ වනවිට අත්අඩංගුවටගෙන ද තිබේ.

රාජිත සහ පිස්සු පුතා චතුර මේවා දැන් සිය විනෝදය පිණිස කරන විගඩම්ද යන්න ගැන පැහැදිලි නැතත් මේ වගේ තුට්‍ටු දෙකේ වැඩවලින් තවත් මේ රටේ දියුණු මිනිස්සු රවට්ටන්නට නොහැක. මේවා පරණ කසිකබල් ගේම්ය. නූතන ලෝකයට මේවා ගැලපෙන්නෙ නැත. අද විපක්ෂය වැටී තිබෙන පහත් තැන ගැනත් මේ රටේ මිනිස්සුන්ට මේ විගඩම්වලින් යළිත් තහවුරු කරගත හැකිය.

පොලිසිය මාධ්‍යවේදයකුගෙන් දුක සැප ගැන ඇහුවත් පරළ වෙන ඇතැම් මාධ්‍ය සංවිධාන මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම දකින්නට ලැබුණු නමුත් රාජපක්ෂ විරෝධයක් නඩත්තු කරමින් සිටින ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙය ආණ්ඩුවට එරෙහිව පාවිච්චි කරමින් සිටින බව පෙනෙන්නට තිබිණි. කොහොම නමුත් මෙම පුද්ගලයාගේ ස්වයං පාපොච්චාරණය අනුව දැන් සියල්ල හෙළිව තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us