මොකක්ද මේ අනුර ජවිපෙනුත් සඟවපු, රනිල් එක්ක තිබ්බ ඩීල් එක ?

Published in Gossip
Tuesday, 05 July 2022 15:28

අද පාර්ලිමේන්තුව් හමුවේ විශේෂ ප්‍රකාශක් සිදු කළ අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ජවිපෙ නායකයා මාස 6න් රට ගොඩනැගීම ගැන පෙර කළ ප්‍රකාශයකට පිළිතුරක් දී තිබිණි.. එම පිලිතුරට අනුර කුමාරද පසුව ප්‍රතිචාරයක් දැක්වූ අතර එහිදී අගමැතිවරයාගේ ප්‍රකාශය නිසා ඔහු හිත් රිදවීමකට ලක්ව තිබු බවත් පෙනෙන්නට තිබිණි.

මෙහිදී අනුර, රනිල් ඩීල්කාරයකු බවත් ගේම් වලින් දේශපාලනය කරන බවටත් චෝදනාවක්ද රනිල්ට කරමින් සිය කතාව අවසන් කළ අතර ඊට පෙරළා රනිල් විසින්ද පිළිතුරක් දෙනු ලැබුවේය.

රනිල් මෙහිදී මතු කළ කාරණය වන්නේ අනුර සමඟත් තමන්ට ඩීල් තිබුණ බවය.

රනිල් විසින් තමන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ, අනුර මාස 6 න් රට ගොඩ නගනවා කියා කර තිබූ කතාවට පිළිතුරක් මිස වෙන දේවල් ගැන කිසිවක් නොකී බවය. එය අනුරට මතක් කර,සාමාන්‍යයෙන් තමන් අනුරට දොස් නොකියන බවත් තමන්ට දොස් කිව්වත් ඒවාට පිළිතුරු නොදෙන එකත් සිය ස්ථාවරය බවත් කීවේය. ඒ තමන්ගේ ඇති බුදු ෆිට් එකට විය හැකිය.

එහෙත් රනිල්ට කට වහන් ඉන්න මෙහිදී නොහැකි විය. එතුමා එක්ක තමන් කාලයක් වැඩ කටයුතු කර තිබෙනවාය එසේම ඒ සම්බන්ධතා අගය කරන බවත් ඒවා නැතිකර නොගන්නා බවත් ඒ සමඟම රනිල් කීවේ

ලස්සනම කතාව කීවේ ඊට පසුය.

එසේම ඒ සම්බන්ධතා ගැන කතා නොකරන බවත් ඒවා ගැන කතා කරන්න ගියොත් එතුමාට පක්ෂයෙන් එන ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් කිවේය.

කොහොම නමුත් රනිල්ගේ මුල් කතාවට උත්තරයක් දෙන්න හදිස්සු වුණු අනුර, රනිල්ගේ මේ කතාවට මීක් නොකියා කරබාගෙන ඉන්නා බව පෙනෙන්නට ද තිබිණි.

දැන් ප්‍රශ්නය තියෙන්න අනුර පක්ෂයෙනුත් සැඟ වූ මේ රනිල් එක්ක කරපු වැඩ මොනාද කියන එක ගැනය. මේ ගැන රට වැසියන් දැන ගත යුතුය. දේශපාලන පක්ෂ දෙකක නායකයන් දෙදෙනෙකු හොර රහසේ රටට, ජනතාවට පමණක් නොව තමන්ගේ පක්ෂයටත් හොරෙන් කරපු ඩීල් එක මොකක්ද යන්න දැන ගැනිමේ අයිතියක් රටේ ජනතාවට, එම පක්ෂ සාමාජිකයන්ට තිබේ.

විශේෂයෙන්ම පක්ෂයේ අනුමැතියකින් තොරව කිසිදු තීන්දුවක් තීරණයක් නොගන්නා බව කියන්නේ ජවිපෙ නායකයෝය. ඒත් එහෙව් පක්ෂයේ නායකයාම පක්ෂයට හොරෙන් තීන්දු ගෙන තිබෙන බව දැන් පැහැදිලිය.

මේ කියන ඩීල් එක රටේ දේශපාලනයට සම්බන්ධ එකක් නම් අනිවාර්යෙම ඒ හෙළිදරව් කළ යුතුය. මන්ද රටේ වත්මන් අර්බුදයට හෝ පෙර පැවැති අර්බුදයකට හේතුව ඒ ඩීල් එකද කියන එක රට දැන ගත යුතු නිසාය.

එසේ නොමැතිව එය දෙදෙනාගේ පෞද්ගලික හිතවත්කම මත පෞද්ගලික වුවමණා එපාකම් වෙනුවෙන් කරපු ඩීල් එක්කද කියා මේ අය කිව් යුතුය. රනිල් දේශපාලනයේ ඩීල් කාරයාය, ගෙම් කාරයය කියා අනුර චෝදනා කරන කොට රනිල් එහෙනම් මං ඔයත් එක්කත් ඩීල් දැම්මේ වගේ කතාවක් කිව්වේ එයද දේශපාලනයට සම්බන්ධ දෙයක් විය හැකි යැයි කල්පනා කළ හැකිය. එසේ නම් ඒ ඇත්ත ඇති සැටියෙන්ම රට දැනගත යුතුය. ජවිපෙ මෙන්ම එජාප සාමාජිකයා ද අනිවාර්යයෙන්ම දැන ගත යුතුය.

කොහොම නමුත් අනුර ප්‍රමුඛ ජවිපෙ රනිල් එක්ක තිබුණු ප්‍රසිද්ධ දේශපාලන සම්බන්ධතා නිසා අනුරට රතු අලි පැටියාය කියා විරුදාවලියක් ලැබී තිබුණේ දැන් බොහෝ කාලයකට පෙරය. අද රනිල් කළ හෙළිදරව්වෙන් ඊට එහා ගිය මොනමොනවා හෝ යටිකූට්ටු ඩීල් තිබී ඇති බව රනිල්ගේ කතාවෙන් පැහැදිලිය.

මේ ඩීල් මොනවාද කියා රනිල් හෝ අනුර රටට හෙළිකළ යුතුය. පක්ෂ සාමාජිකයන් මේ නායකයන්ගෙන් මේ ගැන ප්‍රශ්න කළ යුතුයි.

රනිල්ලාගේ දේශපාලනය කොහොමත් ඩීල්ය, ගේම්ය. එයාලා වැඩ කරන්නේ එහෙම තලයකය. ඒ, ඒ අයගේ දේශපාලනයේ හැටිය. මෙහිදී අනුර, රනිල්ට ඩීල්කාරයා කියා චෝදනාවක් කළද එහි ඇති අමුත්තක්ද නැත.

එහෙත් අනුරටද, ඩීල් අනුර ලෙස කාලයක සිට නමක් පට බැඳි තිබිණි. එයට හේතුව අනුරලා ඇතැම් දේශපාලන නායකයන් සහ ව්‍යාපාරිකයන් සමඟ විටින් විට තිබෙන ඩීල් නිසාය.ඒ ඩීල් අනුව පක්ෂයේ දේශපාලන තීන්දු ගන්නා බවත් ඉතිහාසයේ පෙන්නුම් කර තිබේ.ඒ්ත් ඒ පක්ෂයට හොරෙන් නොවෙතැයි ද කල්පනාකරමු. කොහොමත් වාමංශිකයි, විප්ලවවාදීයි කියන පක්ෂයකට ඩීල් එකක් තිබිය හැක්කේ ජනතාව සමඟ පමණය.

මේ නිසා දෙදෙනාම එක ජාතියේ හෝ වෙනස් ජාතියේ ඩීල්කරුවන් බව අමුතුවෙන් සඟවන්න දෙයක් නැතිමුත් අද 'අපිට වෙන ඩීල් එකකුත් තිබ්බා' කියා රනිල් හෙළිකළ පක්ෂයටත් හොරෙන් කළ ඩීල් එක මොකක්ද කියා රට වැසියා දැන ගත යුතුය.

-SJ

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us