තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

Published in Gossip
Tuesday, 13 February 2024 09:26

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ඉඹුල්ගොඩ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකි.

ගම්පහ ඉඹුල්ගොඩ නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ඉකුත් 10 වැනිදා රාත්‍රි අසල්වැසියකු ගිනිතබා ඇති අතර, බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ සුනඛයා හිමිකරුවන් විසින් සත්ව රෝහලකට රැගෙන යන අතරමඟ දී මියගොස් තිබිණි.

සැකකාර පුද්ගලයා ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් නිවෙසෙහි ඇති කරන අයකු වන අතර එම සුනඛයන් සමඟ මෙම සුනඛ ධේනුව හැසිරුණැයි උරණ වීම හේතුවෙන් මෙලෙස ගිනි තබා ඇතැයි තොරතුරු අනාවරණය වී තිබිණි.

ඝාතනය වූ සුනඛ ධේනුවගේ හිමිකරුවන් සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව විමර්ශන කළ පොලිස් නිලධාරිහු සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (12 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-P.M

Last modified on Tuesday, 13 February 2024 09:26

Leave a comment

 

ld add copy

Connet With Us