රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

Published in Gossip
Thursday, 21 March 2024 10:36

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරුවේ එම හමුව සිදුවීමට නියමිත බව වාර්තා වේ.

එහිදි ඉදිරි ජනාධිපතිවරණය සහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර හමුවක් ද පසුගියදා සිදුවුණි.

මේ අතර ඊයේ උදෑසන නෙලුම් මාවත පොහොට්ටු කාර්යාලයේ එම පක්ෂ ප්‍රධානින් සියුළු දෙනා කැඳවීමට බැසිල් රාජපක්ෂ කටයුත් කර තිබු අතර එහිදී ද සාකච්ඡා වී තිබුණේ ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීම සම්බන්ධයෙනි.

පසුගිය දිනවල පොහොට්ටුවේ නායකයන් වෙතින් විවිධ පරස්පර ප්‍රකාශයන් මාධ්‍ය වලට ලබා දී තිබුණද මෙම සාකච්ඡාව තුළ දී ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසංහට සහය පලකිරීම සම්බන්ධයෙන් වැඩි දෙනෙකුගේ නැඹුරුතාවයක් තිබුණු බව දැන ගැනීමට තිබේ.

Last modified on Thursday, 21 March 2024 10:37

Leave a comment

ld add copy

Latest News

දුම්රිය තුළ වෙළෙදාම් තහනම්

දුම්රිය තුළ වෙළෙදාම් තහනම්

දුම්රිය මගීන්ට හිරිහැර වන පරිදි කිසිඳු ආකාරයක වෙළෙදාමක් දුම්රිය තුළ කිරීම තහනම් බව කොටුව මහෙස්ත්‍රාත...

Connet With Us