කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

Published in Gossip
Sunday, 02 October 2016 08:53

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්‍යවේදින්ට සහ තවත් ආරාධිත අමුත්තන් වෙනුවෙන් ඊයේ රාත්‍රියේ යාපනයේ පැවැති භෝජන සංග්‍රහයක් අතරතුරේදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මාධ්‍යවේදින් සමඟ ගැ‍ටුමක් ඇති කරගෙන තිබේ.

මව්බිම පුවත් පතෙහි ක්‍රීඩා මාධ්‍යවේදියකු මෙවර ජාතික ක්‍රීඩා උළෙල්දී වූ අඩුපාඩු සම්බන්ධයෙන් ඇමැතිවරයාට කරුණු පැහැදිලි කිරීමට ගත් උත්සාහයේදී ක්‍රීඩා ඇමැතිවරයා උරන වී මාධ්‍යවේදියාගෙන් ඔහුගේ මාධ්‍ය ආයතනය කුමක්ද යන්න විමසා ඇත. එහිදි ' මව්බිම' යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ආ තමුසේ මව්බිම ද තමුසේ මෙතන ඉන්න ඔනේ නෑ යනව යන්න එලියට යනුවෙන් බැණ වැදී ඇත. එම අවස්ථාවේදී අද පුවත් පතේහි ක්‍රීඩා මාධ්‍යවේදියාද ක්‍රීඩා උළෙලෙහි අඩු පාඩු තිබූ බවත් එම නිසා ඇමැතිවරයා එසේ කතා කිරීම වැරදි බවත් පෙන්වා දී තිබේ. ඔහුගෙන්ද මාධ්‍ය ආයතනය කුමක්ද යන්න අසා තමුසේව මන් පස්සේ බලා ගන්නම් ආදි වශයෙන් බැණ වැදී ඇමැතිවරයාගේ ආරක්ෂකයන් ලවා එම මාධ්‍යවේදින් දෙදෙනාව එතැනින් පිටතට ඇද දැමීමට උත්සහ කෙරිනි. මාධ්‍යවේදින් ඊට එරෙහි වූයෙන් ආරක්ෂකයන් විසින් ඔහුන් දෙදෙනාට පහර දී ඇත.

පසුව එම ස්ථානයේ සිටි තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු එම පහරදිම ගැන ඇමැතිවරයාට විරෝධය පළ කර මාධ්‍යවේදින් දෙදෙනාව ආරක්ෂකයන්ගෙන් බේරාගැනීමට කටයුතු කර තිබේ. මෙම සිදුවීම අතරතුරදී ඇමැතිවරයාගේ නියොගය පිට මාධ්‍යවේදින්ගේ දුරකතන ද පැහැර ගෙන ඇති අතර මේවන තුරුත් එම දුරකතන ආපසු ලබා දී නැත.

මෙම පහර දිම සම්බන්ධයෙන් යාපනය පොලිසියේ පැමිණිල්ලක්ද මේවන විට දමා තිබේ. මුල් අවස්ථාවේදී එම පැමිණිල්ල බාර ගැනිමද පොලීසිය ප්‍රතික්ෂේප කර ඇත.

යුධහමුදාව විසින් පාලනය කරන යාපනයේ තල් සේවන නම් උත්සව ශාලාවේදි මෙම භොජන සංග්‍රහය පැවැති අතර මෙම පහර දීම සිදුවන අවස්ථාවේදි පොලිසියේ හා යුධ හමුදාවේ ඉහළ නිලධාරෙන් කිහිප දෙනෙකුද ඒ දු‍ටුහ. නමුත් ඇමැතිවරයා පිස්සු කෙලිම ගැන කිසිවකුත් වගේ වගක් නැතිව සිටියහ.

කෙසේ නමුත් මේ භොජන සංග්‍රහයේදි ක්‍රීඩා ඇමැතිවරයා කෙලින් සිට ගැනිමට තරම් නොහැකි තරමට අධිකව බීමත්ව සිට තිබේ. මාධ්‍යවේදින්ගේ මුලික චෝදනාව වී තිබුනේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා මේ වාර්තා කිරීමට කොළඹ සිට ‍රැගෙන ආ මාධයවේදීන්ට නිසි පරිදි පහසුකම් හෝ ආහාර ලබා නොදීම සම්බන්ධයෙනි.

Last modified on Monday, 03 October 2016 10:06

Leave a comment

worky

worky1

ld add copy

Latest News

නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හ...

Connet With Us