පක්ෂ බලය වෙනස් නොවෙන යෝජිත මැතිවරණ ක්‍රමය

Published in පුවත්
Saturday, 25 April 2015 15:27

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සෑහෙන කලක් තිස්සේ ප්‍රමාද වූ මැතිවරණ පොරොන්දුවකි. දැන් එම පොරොන්දුව ඉටු කරන මොහොත එළඹී ඇත.

ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාව වන්නේ මනාප ක්‍රමය අවසන් කිරීමයි. ඒ මනාප ක්‍රමය හොර තක්කඩින්ට වාසි සහගත නිසාය. හොඳ අපේක්ෂකයන්ට දිස්ත්‍රික්කයක් පුරා ඡන්ද ව්‍යාපාර කළ නොහැකිය. එම නිසා මනාප ක්‍රමය ජනතාව හා සමාජය පිරිහීමට මඟකි. එමෙන්ම දැනට තිබෙන ක්‍රමයේ අනෙක් ප්‍රධාන දුර්වලකම වන්නේ ඇතැම් ආසන වලට කිසිදු මන්ත්‍රීවරයෙකු නොවීමයි. එම නිසා ඡන්දදායකයා අතර මං වේ. මෙම ක්‍රමය වෙනස් කළ යුතුය.

සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගැනීම පිණිස භාවිත කරන වත්මන් මනාප ඡන්ද ක්‍රමය වෙනුවට ඡන්ද ප්‍රදේශ නැතහොත් 1978 ට පෙර පැවති ආකාරයේ මැතිවරණ ආසන සඳහා මන්ත්‍රීවරයන් තෝරා ගැනීම (FPP) සහ සමානුපාතික ක්‍රමයෙන් මන්ත්‍රීවරු තෝරා ගැනීම (PR) යන ක්‍රම දෙකෙහි ම හොඳ ගුණාංග රැකෙන මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම අවශ්‍ය වේ.

මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ දී හා ඉන් බාහිරව සාකච්ඡා කර ඇති අතර, නව රජය යටතේ ද මේ පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. මේ අනුව මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බව තීරණය වී තිබේ. මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා පසුගිය දා කැබිනට් මණ්ඩලයට යෝජනා දෙකක් ඉදිරිපත් වූ අතර ඉන් සුළු පක්ෂවලට ඉතා පහස‍ුවෙන් එකඟ විය හැකි යෝජනාවේ මූලික කරුණු පහත දැක්වේ.

1. ජනතා නියෝජනය පුළුල් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යාව 255 දක්වා වැඩි කෙරේ. මුලින් ම පාර්ලිමේන්තුවට ආසන 225 හඳුන්වා දෙන විට සිටි ලංකාවේ ඡන්දදායකයින් සංඛ්‍යාව ලක්ෂ 75 වූ අතර එම සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 150 දක්වා ඉහළ නැංවී ඇති බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. දේශපාලන බලධාරීන්, සිවිල් සමාජය පුළුල් සාකච්ඡාවකින් අනතුරුව ඊට එකඟ වී ඇත.

2. නව ක්‍රමය යටතේ ද මන්ත්‍රී ධූර 255 න් 196 ක් දැනට පවතින සමානුපාතික ක්‍රමය යටතේ සියලුම මැතිවරණ කොට්ඨාස වලට බෙදනු ලැබේ. ඒ දැනට පවතින සමානුපාත ක්‍රමයේ සුළු දේශපාලන පක්ෂවලට ද පාර්ලිමේන්තුවේ සාධාරණ නියෝජනයක් ලැබෙන බැවින් එම හොඳ ගුණය තවදුරටත් රැකගැනීම සඳහාය.

3. සීමා නිර්ණය කොමිසමක් ස්ථාපනය කිරීමට කටයුතු කෙරේ. සීමා නිර්ණය කොමිෂන් සභාව එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයට ගැලපෙන ඡන්ද ප්‍රදේශවලට බෙදා වෙන් කළ යුතු ය. මෙම ඡන්ද ප්‍ර‍දේශ බෙදා වෙන් කිරීමේ දී ඒ ඒ ප්‍රදේශවල භූගෝලීය ලක්ෂණ, ජනවාර්ගික අනුපාතය, ආර්ථික සංවර්ධන මට්ටම හා සංස්කෘතික ලක්ෂණ, ඡන්ද හිමියන් සංඛ්‍යාව යනාදී කරුණු සලකා බැලිය යුතු ය. එමෙන්ම කේවල මන්ත්‍රී කොට්ඨාසවලට අමතරව බහු මන්ත්‍රී කොට්ඨාස ද ඇති කිරීමට හැකියාව ඇත. මෙලෙස කේවල හා බහු මන්ත්‍රී කොට්ඨාස වලින් තෝරා ගත යුතු මුළු මන්ත්‍රීවරු සංඛ්‍යාව 165 ක් වේ.

4. නාමයෝජනා කිරීමේදී දිස්ත්‍රික් මට්ටම සඳහා සමානුපාතික ක්‍රමය යටතේ පත්විය හැකි උපරිම මන්ත්‍රීවරු සංඛ්‍යාවට තුනක් වැඩියෙන් අපේක්ෂකයන් ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ඉදිරිපත් කළ යුතු අතර ඡන්ද ප්‍රදේශවලට තරග කරන අපේක්ෂකයින් ද නිශ්චිතව සඳහන් කළ යුතුවේ.

5. ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසු දැනට සිදු කෙරෙන අයුරින් ඒ ඒ දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධූර, තරග කරන ලද 5% වැඩියෙන් ඡන්ද ලැබූ දේශපාලන පක්ෂ අතර බෙදනු ලැබේ.

6. මනාප නැත. ඒ වෙනුවට ඒ ඒ ඡන්ද ප්‍රදේශය ජයග්‍රහණය කළ අපේක්ෂකයන් (බහු මන්ත්‍රී කොට්ඨාසවල අදාළ පරිදි 2 හෝ 3 බැගින් අපේක්ෂකයන් ද) එම ඡන්ද ප්‍රදේශ නියෝජනය සඳහා තෝරා පත්කර ගනු ලැබේ.

7. යම් පක්ෂයක් සමානුපාත ක්‍රමයට හිමිවන මන්ත්‍රී ධූර වලට වඩා අඩු ඡන්ද ප්‍රදේශ ප්‍රමාණයක් ජය ලබා ඇති විටදී එම ඉතිරි ආසන වලින් 50% ක් එම පක්ෂයේ තරග කර තේරීපත් නොවූ වැඩිම ඡන්ද ප්‍රතිශත ලබාගත් ඡන්ද ප්‍රදේශ වලට තරග කළ අපේක්ෂකයන්ට හිමිවේ. ඉතිරි 50% පක්ෂයේ ලැයිස්තුවට අනුව පක්ෂයට පත්කළ හැක.

8. යම් පක්ෂයක සමානුපාත ක්‍රමයෙන් හිමිවන ප්‍රමාණයට වඩා වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ඡන්ද ප්‍රදේශ වලින් තේරී පත්වී ඇත්නම් එම වැඩිපුර ආසන 255 න් 196 ක් අඩුකළ විට ඉතිරි වන ආසන වලින් ලැබේ.

9. ඉතිරිවන මන්ත්‍රී ධූර සංඛ්‍යාව ජාතික ඡන්ද අනුපාතයට දැනට පවත්නා ජාතික ලැයිස්තු ක්‍රමය ‍ෙස් බෙදීමට නියමිතය. එම සංඛ්‍යාව නියතයක් නොවන නමුත් එය 20-35 අතර විය හැකි ව පැරණි මැතිවරණ ප්‍රතිඵල වලට අනුව සනාථ වී තිබේ. එම නිසා ජාතික ලැයිස්තුවට අවම වශයෙන් අපේක්ෂකයන් 35 දෙනෙකු නම් කරනු ලැබිය යුතුවේ. එහිදී ජාතික ලැයිස්තුවට හිමි ආසන සංඛ්‍යාව අඩු වුවහොත් ජාතික ආසනයක් හිමි සුළු පක්ෂ වලට පළමුව ජාතික ආසන ලබාදෙනු ඇත.

මෙම ක්‍රමයේ ඇති සුවිශේෂීත්වය වන්නේ මෙමඟින් කිසිදු සුළු පක්ෂයකට ලැබෙන මන්ත්‍රී ධූර ගණන අඩු නොවීමයි. බොහෝ විට සෑම පක්ෂයකම ආසන ප්‍රමාණය ඉහළ ගොස් ඇත. සෑම කොට්ඨාසයකටම අඩුම ගණනේ එක මන්ත්‍රීවරයෙකු හෝ සිටී. මනාප ක්‍රමයක් නැත. එම නිසා මැතිවරණ ක්‍රමය අවශ්‍ය පරිදි වෙනස් වේ. මෙම ක්‍රමය පිළිබඳ සංවාදය දැන් ඇරඹී ඇති නිසා සියලු පක්ෂ වල එකඟතාවයෙන් මේ මත පදනම් වූ යෝජනාවක් ලබන සතියේ සම්මත කරගැනීම රටේ සුබසිද්ධිය සඳහා හේතු පාදක වනු ඇත.

අශෝක අභයගුණවර්ධන

silumina

ab-1

Last modified on Saturday, 25 April 2015 16:14

Leave a comment

Gossip

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්   

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්  

ජනාධිපති රනිල් වික්‍රසිංහට රාජපක්ෂවරුන්ගෙන් සහ පොහොට්ටු කණ්ඩායමෙන් එල්ල වන බලපෑම් අවම කිරීම වෙනුවෙන්...

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා දී අගමැති තනතුරට පත් කරගැනීමේ උ...

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අය වැය ඉදිරිපත් කිරීමන් පසුව අද දිනය වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ගනන...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us