පහුගිය කාලයේ (2005-2006 සහ 2012-2013) දකුණු ආසියාවේ මානව සුරක්ෂිතභාවය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය මැයෙන් සිදු කෙරුණු පුළුල් අධ්‍යනයේ, ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයන වාර්තාව සැකසීමේ වගකීම පැවරුණේ මටත් ප්‍රදීප් පීරිස් මහතාටත් ය. එහි දී විශේෂ අවධානය යොමුවූයේ, ලාංකික ප්‍රජාව තුළ ‘ප්‍රජාතත්ත්‍රවාදය’ පිළිබඳ අවබෝධයක් තිබේද?

ගාමිණි වියන්ගොඩ යනු කුමක්දැයි අමුතුවෙන් කියා යුතු නැත. ඔහු විසින් පරිවර්තනය කළ කෘති වල වූ දෘෂ්ටිවාදී අඩංගුව විසින් සමාජය තුළ ඔහු කියන්නේ කුමක්ද එය වියත් මතයක් ලෙස පිළිගන්න තත්ත්වයක් සකස් කර දී තිබිණ. ඒ අර්ථයෙන් ගාමිණී යනු අපේ සමාජයේ සෙක්සි කකුලක්ය. ඒ සාමාන්‍යකරණය සමාජයකට අතිශය අන්තරාදායකය. පසුගිය දිනක නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් පඩංගුවට කඩේ ගිය අවස්තාවේදී ගාමිණී වියන්ගොඩ මහතා තමා ගැන සමාජයට ඇති මිත්‍යාව දුරුකර කඩා බිඳ දැම්මේය. ඒ වෙනුවෙන් එතුමන්ට පිං අනුමෝදම් කළ යුතුව ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත් කරන ලද උගත් පාඩම් පිළිබද කොමිසම හා පරණගම කොමිසම වෙත උතුරේ හා දකුණේ ගැටුම් නිසා අතුරුදන්වූ දස දහස් ගණනක් පවුල් පැමිණිළි ඉදිරිපත් කරන ලදී. යුද්ධය හමාරව පවතින අද දවසේ වුවද තම දූ පුතුන් අහිමි වූ මව්වරුන් සියලු දුක් කන්දරාවන් දරා ගනිමින් ආණ්ඩුවේ කන්තෝරුවෙන් කන්තෝරුවට පොලීසිවලට හා හමුදා කඳවුරුවලට විස්තර සොයමින් ගමන් කරති.

‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම සන්නද්ධ හමුදා පාවා දීමක් ය’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශය, හිටපු රාජ්‍ය නායකයෙකුට සහ රටේ ප්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට නොහොබිනා කතාවක් බව ‘ආසියානු මානව හිමිකම් කොමිසම’ කියා සිටි.

ගමේ මිනිහාගේ ප්‍රශ්නය අධිපති මාධ්‍ය ධාරවක් තුලට ගෙන බරපතල ලෙස සාකච්ඡා කිරීම යුගයේ අහම්බයකි. වෙළඳපොළේ විකිණිය හැකි කුණු රසැති සිදුවීමක් හැර ගමේ ප්‍රශ්නය, ඒ ප්‍රශ්නයේ ගැඹුරෙන්ම අධිපති මාධ්‍ය ධාරාවට ගොචර වන්නේ නැත. සිරස ගම්මැද්ද ඒ අනුව සුවිශේෂී තැනකි.

යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයයේ දෙවැනි වසර සිසුවකු සිය සගයන් ආමන්ත්‍රණය කරමින් විවෘත ලිපියක් පළ කර තිබේ. එම ලිපියේ සිංහල පරිවර්ථනය පහත දැක්වේ.

නාමල් බේබි,

ඔයාගේ ලියුම දැක්කා. ඒ නිසාම ලියන්න හිතුනා.

ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලුත් දෙයක් නොවේ. මුස්ලිම් සමාජයන් පාලනය කිරීම සඳහා අරමුණු කොට, කුරානයෙන් සහ මහම්මද්තුමාගේ සම්ප්‍රදායයන්ගෙන් සපයා ගැනෙන ඇතැම් ප්‍රතිපදා, නූතනත්වය සහ අදාළ සමාජ පරිවර්තනයන් සමග නොගැළපෙන හැම විටකම මුස්ලිම් විද්වතුන් සහ ක්‍රියාධරයන් කවදත් ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් හඬ නගා තිබේ.

Connet With Us