සෙක්සි කකුල් සහ ගාමිණී වියන්ගොඩ Featured

Tuesday, 09 August 2016 17:12

ගාමිණි වියන්ගොඩ යනු කුමක්දැයි අමුතුවෙන් කියා යුතු නැත. ඔහු විසින් පරිවර්තනය කළ කෘති වල වූ දෘෂ්ටිවාදී අඩංගුව විසින් සමාජය තුළ ඔහු කියන්නේ කුමක්ද එය වියත් මතයක් ලෙස පිළිගන්න තත්ත්වයක් සකස් කර දී තිබිණ. ඒ අර්ථයෙන් ගාමිණී යනු අපේ සමාජයේ සෙක්සි කකුලක්ය. ඒ සාමාන්‍යකරණය සමාජයකට අතිශය අන්තරාදායකය. පසුගිය දිනක නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් පඩංගුවට කඩේ ගිය අවස්තාවේදී ගාමිණී වියන්ගොඩ මහතා තමා ගැන සමාජයට ඇති මිත්‍යාව දුරුකර කඩා බිඳ දැම්මේය. ඒ වෙනුවෙන් එතුමන්ට පිං අනුමෝදම් කළ යුතුව ඇත.


ඒ "වෛද්‍ය අංශයේ විෂයන් 3ට A ගත්ත අය 6000ක් ඉන්නවා. රජයේ මෙඩිකල් ෆැකල්ටි වලට ගන්නෙ 2000 යි. A 3 ගත්ත 4000ක් වෛද්‍ය පීඨ වලට තේරෙන්නෙ නැතුව යනවා. පසුගිය අවුරුද්දෙන් වුනත් අරගෙන පෙන්නන්න පුළුවන්" කියමින්ය.

ධනවාදයේ හැසිරීම එබඳුය. එහි ශාන්තුවරයින් නැති අතර පිළිම පවා ශුද්ධත්වයට පත්කිරීම භයානකය. ඊට පිළිමද කැමති නැත. ප්‍රාග්ධනය යනු මේ සමාජය වෙලා ඇති මායාවය. මේ මායාව එළියට නොඑන්නේ වමේ සමහර පිස්සු පූසන් ධනවාදයට සමාජවාදී පැලැස්තර අලවන්න පොරකන නිසාය. එහෙත් ඒ වෙනුවට අවශ්‍ය ධනවාදයේ මායාව සොයා යන අයට ඒ වෙනුවෙන් නිදහස ලබා දීමය. ඒ මිනිසුන් බලහත්කාරයෙන් උඩුගම් බලා යැවිය යුතු නැත. ගාමිණී වියන්ගොඩ මහතා අද ප්‍රාග්ධන මායාව වෙත සමීපව ඇති අතර ඔහුගේ ශ්‍රමයෙන් සමාජය හැදු පිළිමය බෝල් බව තහවුරු කර ඇත. නැතිනම් හැමදාම වගේ සිදුවන්නේ සමාජය සෙක්සි කකුල් නිසා අමාරුවේ වැටීමය.

මෝක්ෂය ඉක්මන් වන්නේ දොරටුව අවහිර නොකළ විටය. තවත් මහත්වරු පෝලිමේ සිටින බැවින් ඒ උදවියට ඉදිරියට යන්නට ඉඩදී පසෙකට වීම එක්තරා ආකාරයක රැඩිකල් දේශපාලනයක්ය.

සෝමවංශ අමරසිංහ පරපුරේ දේශපාලනය අවසන් බවට තවදුරටත් සාක්ෂි අනවශ්‍ය අතර නෝවාගේ බෝට්ටුව ඔවුන් තමන් වෙත අඩුක් කරගනිමින් සිටියි.

 

-සෝර්බා

Last modified on Tuesday, 09 August 2016 17:16

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us