නාමල් කාගේ හරි ලණු කනවා, මහින්ද රනිල්ට කියයි

Published in Gossip
Saturday, 18 November 2023 10:30

ජනපති රනිල් පහුගිය අඟහරුවාදා අයවැය විවාදය පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තුව වෙත ගොස් තිබිණි. නමුත් සභා ගැබ තුළට නොගොස් විපක්ෂ ලොබියට මෙන්ම ආණ්ඩු පක්ෂ ලොබියට ද ගොස් මන්ත්‍රීවරු සමඟ සුහද සාකච්ඡාවල නිරත විය.

විපක්ෂ මන්ත්‍රීවරු ගනනාවක්ම මෙහිදී අය වැය ගැනත් වත්මන් දේශපාලන ආර්ථික තත්වය ගැනත් සුබවාදීව ජනපති සමග කතාබහ කිරීම විශේෂ තත්වයකි.

ජනපති රනිල් ආණ්ඩු පක්ෂ ලොබියේ දී එහි සිටි මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර තුර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමඟ සිටි කණ්ඩායම සමඟත් කතා බස් කරන්න ජනපතිට හැකිවිය.
එහිදි ජනපති සමඟ සිටි මන්ත්‍රී වජිර අබේවර්ධන මහින්දට කීවේ ඔබතුමා අයවැයට සහාය දෙනවා කියලා කිව්වාට නාමල් මන්ත්‍රීතුමා බනිනවානේ කියාය. ඒ ක්ෂණයෙන්ම “එයා කාගේ හරි ලණුවක් කාලා” යැයි මහින්ද කීවේය. කොහොම නමුත් මෙවර අයවැයත් ගැටළුවකින් තොරව සම්මත විය හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා බහෙන් තහවුරුව තිබේ.

Leave a comment

ld add copy

Latest News

මාස 3ක් ඇතුළත ළමා අපයෝජන පැමිණිලි 1000 ඉක්මවයි

මාස 3ක් ඇතුළත ළමා අපයෝජන පැමිණිලි 1000 ඉක්මවයි

මේ වසරේ මේ දක්වා කාලය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්හට සිදුවූ අකටයුතුකම් සම්බන්ධව පැමිණිලි දහස ඉක්මවා ලැ...

Connet With Us