ලාෆ් මිල ඉහළ දැමීම ගැන කරුණු විමසන්න, ලාෆ් නිලධාරීන් පාරිභෝගික අධිකාරියෙන් කැඳවයි

Published in පුවත්
Monday, 16 November 2026 09:55

ලාෆ් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලාෆ් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවීමට එම අධිකාරිය පියවරගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ ඒ අනුව අද (16 වැනිදා ) උදෑසන 10ට පැමිණ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස අදාළ සමාගමේ නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි. පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ගණන් ඉහළ දැමීමට එම සමාගම පියවරගෙන තිබිණි. ඒ අනුව මෙතෙක් රුපියල් 4,965ක් ලෙස පැවැති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6,740ක් වේ.

එමෙන්ම රුපියල් 1,988ක් ලෙස පැවැති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වී ඇත්තේ රුපියල් 2,720ක් ලෙසය.

පසුගිය දින කිහිපය පුරා වෙළෙඳපොළ තුළ ලාෆ් ගෑස් හිඟයක් ද පැවතුණු අතර අඛණ්ඩව පාරිභෝගික සේවා සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය ලාෆ් ගෑස් සමාගමට එරෙහිව අධිකරණයේ නඩුවක් ද පවරා තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us